• Sunni - සුන්නි

"දෑස් බැඳ, දෑත පසුපසට තදවෙන්නට ගැට ගසා දැමුණු දෑසමන් ජීප්රියෙන් බිමට විසි කෙරුණේ එල්ල කෙරුණු වේගවග් පා පමරවල් දෙකකිනි. "දඩස් දඩස්” ගා බිම පතිතවූ ඔහුගේ පිටට එල්ල වූ තවත් සැර පහරවල් කීපයකින් පසු හේ ගාල් කෙරුණේ අර විශාල බංගලාවේ කොරිඩෝරයේ කෙළවර වූ දිගැටි අඳුරු කාමරයේය. පිටට එල්ල වූ පොලූ පහරින් කොඳු නාරටිය දිගේ නැගුණු ඉවසිය නොහැකි වේදනාව, විදුලි සැරයක් මෙන් සිසුවාගේ සිරුර පුරා පැතිරුණෝය. දැනුණු වේදනාව ඉවසිය නොහැකි වූයෙන් ඔහුට ‘අනේ අම්මේ’ යැයි කෙඳිරි ගෑවුණේය.
‘බැල්ලිගෙ පුතා, උඹට අම්ම මතක් වෙන්නෙ දැන්ද යකෝ’
තර්ජනාත්මක ගර්ජනාවක් නැගෙත්ම රෙදි පාංකඩ ගුලියක් ඔහුගේ මුවට එබුණේය. පාංකඩයේ විශාලත්වය නිසාත්, එහි වූ දුර්ගන්ධය නිසාත් දෑසමන්ට හුස්ම හිරවෙන්නට වූයේය. දෑස් බැඳි කළු රෙදි කඩ අතරින් ගිනි පුළිඟු පිටවෙන්නට වූයේය. ඉහින් කනින් දහඩිය වැගිරුණේය."

There are no reviews for this product.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha