ඉන්දියානු සම්භවයක් ඇති දකුණු අප්‍රිකානු ජාතික ප්රිසිල්ලා ජානා යනු නිකම්ම මිකම් ගැහැනියක නොවේ. එසේම දකුණු අප්‍රිකාවේ කීර්තිමත්ම මානව හිමිකම් ක්‍රියාකාරිනිය පමණක් ද නොවේ. ය නිදහස් අරගලයේදී නෙල්සන් මන්දෙලාගේ නායකත්වය යටතේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ කුප්‍රකට "රහස් කවයේ" එකම කාන්තා සාමාජිකාවද වූවාය. වෘත්තියෙන් නීතිඥවරියක වූ ප්රිසිල්ලා සුදු ජාතික සුලුතරවාදී ආණ්ඩුව ප්‍රසිද්ධියේම අභියෝගයට ලක් කාලය. ඒ නිසා සුදු ජාතික ආණ්ඩුවේ බරපතල විරෝධයට ලක් වුවත් ආණ්ඩුවේ මර්දනයට නිර්භීත ලෙස මුහුණ දෙමින් සිය වෘත්තීය සහාය අවශ්‍ය සිටි සෑම ක්රියාකාරිකයෙකුටම උපකාර කළාය. එසේම පළිගැනීමේ චේතනාවෙන්ම මැන්ඩෙලා ඇතුළු දේශපාලන ක්රියාදරයන් රැසක් රඳවා සිටි රොබේන් දූපත් සිරකඳවුරේ සියලුම දේශපාලන සිරකරුවන්ගේ එකම නීතිඥවරිය වූවාය.
නිදහස් අරගලයෙන් පසුව දකුණු අප්‍රිකාවේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක ලෙසත්, දකුණු අප්‍රිකාවේ යුක්තිය බලගැන්වීම පිළිබඳ කමිටුවේ උප ප්‍රධානියා ලෙසත් කටයුතු කළාය. එය දකුණු අප්‍රිකාවේ ගෞරවණීයම තනතුරක් ලෙස අදටත් සලකනු ලැබේ.
ප්‍රිසිල්ලා සිය අරගල ජීවිතයේදී ලද අත්දැකීම් අලලා 2016 වර්ෂයේදී ආන්දෝලනාත්මක ස්වයං චරිතාපදානය FIGHTING FOR MANDELA රචනා කොට තැබුවාය. මේ එහි සිංහල පරිවර්තනයයි.
Mage Aragalaya - මගේ අරගලය
- Publisher: Watermark
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Indika Perera - ඉන්දික පෙරේරා
- - Biography - චරිතාපදාන
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245696024
- Availability: Available
-
Rs. 1,800.00