ආණ්ඩුවේ ගමේ පිරිමින් එකතුව කල් පවතින පරිදි නිවාස තනා නිම කරගත් අතර ගැහැණු කෙහෙවලු පටලවාගත්හ. කුඩම්මා පපිලිබඳ නොයෙකුත් කට කතන්දර පැතිරී යාමට පටන්ගත්තේ ද මෙම කාලවකවානුව තුළ ය. කුලියක් කිරීම සඳහා ගමෙන් පිටව යාමට පෙර තාත්තා මගේ වගකීම පොඩි ආච්චිට පැවරුවේය. කුඩම්මා හිරිහැරයක් කරනු ඇතැයි වූ බිය නිසාත්, තාත්තා එහි නොමැති වූ නිසාත් මම අගේ නිවසට යාමට මාලි වීමි. මෑතක සිට ය නිතර නිතර ඩිංගිරි නැන්දගෙන් මා පිළිබඳ තතු විමසන බව දැනගත් පොඩි ආච්චී තදින්ම කෝප වී,
"ඒ නපුරී මොකට හොයනවද පොඩි එකී ගැන? අපි නොදන්නවයැ ඕකිට ළමයව පේන්න බැරි තරම. ගුණදාසය ගිය ඩිංගට එක එක අවලම්මු ගෙට ගෙන නටන නාදගනුත් අපි දන්නවා නේ. උඹ එහෙම මේ පොදී එකී ගැන ඔකීට විස්තර කියනවා නෙමෙයි ඩිංගිරියෝ" කියා ඇය දෙස රවා බැලුවාය.
Pallan Polla - පල්ලං පොල්ල
- Publisher: Minsara Publishers - මින්සර ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Premila Kumari Balasuriya - ප්‍රෙමිලා කුමාරි බාලසූරිය
- ISBN: 9786245536139
- Availability: Available
-
Rs. 590.00