"නිර්වාණා පරිස්සමෙන් නේද...? විදුන් යළිත් වරක් ඇසුවේ ඒ සිනහවෙන්මය. ඔව්... ඔව්... පරිස්සමෙන්. දර්ශි, ඔයාගේ උකුළේ නේද නිර්වාණා? මතක ඇතුව කිරි බෝතලේ ගත්තා නේද. හයියෙන් අල්ලගන්න බ්‍රේක් ගැහුවම ශීට් එකේ වැදෙන්න ඉඩ තියෙනවා. ෂටර් එකෙන් ඔළුව එළියට දාන්න එහෙම දෙන්න එපා..."
"පලයං"
සසංක වහා ස්පීකරය ක්‍රියා විරහිත කළේ එතැනින් එහාට ඒ මුවින් පිටවන වදන් පිළිබඳව සිතෙහි විශ්වාසයක් නොවූ නිසාය.
"හොඳම ටික අහගන්න බැරිවුණා..." දර්ශි පැවසුවේ සිනහසෙමිනි.
"එතනින් එහාට අහන්න ගියොත් කොටු දාලා තමයි නවත්තන්න වෙන්නේ..."
"ඔයා දන්නේ නෑ නිර්වාණා, වෙලාවකට මම මේ දෙන්නගේ කතාවල් අහගෙන ඉන්නේ හරි අමාරුවෙන්. එක්කෙනෙක් එකවුන්ටන් කෙනෙක්. අනික් එක්කෙනා සයිකැට්‍රික් කෙනෙක්. එත් කතා කරන්න ගියාම අවුරුදු අහ අටේ කොල්ලන්ට එහා. ලොකු දෙයක් දැන් ඔයත් ඉන්නවනේ මට සහැයට ඒවා අහන් ඉන්න..."
Adare Manaram - ආදරේ මනරම්
- Publisher: Sithuvili Publications - සිතුවිලි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Dilrukshi Gamage - දිල්රුක්ෂි ගමගේ
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245673285
- Availability: Available
-
Rs. 1,990.00