දයාබර සාලින්ද...,
ඉතිං මා කෙලෙස නම් ඔබ හැර යම්ද.. නමුදු දෛවයේ ලියා ඇති ලෙසින් මා ඔබ හැර යමි... එය වේදනාකාරිය.. රුදුරු.. නමුත් මා සත්‍යට මුහුණ දීමට හිත ශක්තිමත් කර ගතිමි.. සම්ප්‍රදාය පසෙකලා මම ඔබ වෙනුවෙන්ම කැප වූ බව කාටත් වඩා දන්නේ ඔබය.. ඔබ නැතිව ජිවත් වන්නට මට තවත් ශක්තිය ඉතිරිව ඇත..මම ඔබ ගැන හීනෙකින් හෝ අහිතක් නොසිතමි..නපුරක් නොපතමි..
සිව් වසරක් පුරා ආදරයත්, ජීවිතයත් කියාදුන් ඔබ මට හැමදාම හොඳ ගුරුවරයෙකි.. හිස් අතින් ඔබේ ජීවිතයට පැමිණියා සේම අද නික්ම යන්නේද හිස් අතිනි.. නමුත් සියල්ල අහිමි වු එකම ගැහැනිය මම නොවන බව දනිමි...
ප්‍රේම සුසානය දැවී ගොස් හමාරය.. ඒ මතම මම මගේ නව ජීවිතය ගොඩ නගමි. ඒ අළු මතින් නැගිටිමි..
අගසි...
Agasi - අගසි
- Publisher: Ck Books Publishing House
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Akila Nadeeshani Bandara - අකිලා නදීෂානි බණ්ඩාර
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245080069
- Availability: Available
-
Rs. 625.00
- KBOOKS Cashback Rewards: 63