ඔව් ඒක මායාකාරී ප්‍රේමයක්
___________________________
වවුලන් නවාතැන් ගත්ත
සිත් බෝඩිං කාමරයක
දොර කවුළු බලෙන් විවර කළ
අළුපැහැ මතක මීදුම
අපුල දනවන වියරු සැමරුම්
ගසාගෙන රැගෙන ගිය
මායාකාරී සුළඟ එය
ඉබාගාතේ පැමිණ ලකුණු කළ
නොයෙක විරූපී පිය සටහන්
ඇඳ පාමුල නොමැකීම පැවතුන
බිඳකුදු නොතියා සෝදා රැගෙන
පිලීගඳ පවා ඉවසන
යටැසින් හැරි හැරී බලන
මායාකාරී ගංවතුර එය
අඳුරු ලෙන ගුහාමය ජීවිතය
නිමා කළහැකිය, කියවන
හරිතප්‍රද නිපදවා ඇතුලත කැකුණ තෙල් දල්වන
අලුත් දළු ඇඳුම් ගෙන හැඩ බලන
රැවුල් කොණ්ඩා වියලන
මායාකාරී හිරුඑළිය එය
රාස්බෙරි පානය ඉල්ලන
දිවවිත් අතේ එල්ලෙන
අළුපාට ඇස්පතුල නරඹන
සඳඑළිය පපුව තුල දියකර
නැවතුන හද මසාජ් කරවන
සුමුදු අත්ලක් හිමි
මායාකාරී ප්‍රේමයකි එය.
Anduru Eli Koridowa Ithin Apa Munagasena - අඳුරු එළි කොරිඩෝව ඉතින් අප මුණ ගැසෙන
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Kapila M Gamage - කපිල එම් ගමගේ
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786242041094
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Muhudata Muhuna La Sohonaki - මුහුදට මුහුණ ලෑ සොහොනකි
මුහුදට මුහුණ ලෑ සොහොනකි. ----------------------------------------------- පැඟිරි මානා පත් සෙමෙන් පිරි..
Rs. 275.00
Aparade E November - අපරාදේ ඒ නොවැම්බර්
මේනකා සාමාන්‍යයෙන් අවදිවන්නේ අනෙක් අයට වඩා පාන්දරින්. කුඩා දරුවෙකු කිරි ඉල්ලා හඬන හඬ තමයි ඇගේ එලාම් ..
Rs. 300.00
Peden Badi Vidum - පෙදෙන් බැඳි විඳුම්
සන්නිවේදන තාක්ෂණයේ සිදු වූ විප්ලවීය පොලා පැනීමෙන් අනතුරුව ඒකභාවී ව තමන්ගේ මතය, අදහස, හැඟීම පොදු අවකා..
Rs. 900.00