හොරෙක්
පැන ඇත
ඊයේ රෑ
ඇවිද ගේ වට
ජනෙල් මෑත් කොට
එබිකම් කර ඇත,
අත පත ගා ඇත,
යතුරු සොයා ඇත
නොතිත් වේලාවක් ඉඳ ඇත
දොස්තයෙව්ස්කිගේ
පොතක් පෙරළා ඇත
මගේ කොටෙකින්
අඩියක් ද ගසා ඇත
කිසිවක් අඩු නැත!
Apuru Oncillawak - අපූරු ඔන්සිල්ලාවක්
- Publisher: Santhawa Publishers - සන්තව ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Vajira Deepthi Weerakoon - වජිර දීප්ති වීරකෝන්
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245594351
- Availability: Available
-
Rs. 500.00