නුඹ මගේ මිතුරා ද නොදනිම්.ඊටත් වඩා නුඹ දැනෙන්නේ මගේ හදවතටය.නුඹ මගේ සොයුරා ද නොදනිම්.එහෙත් ලෙයටත් වඩා නුඹෙත් මගෙත් බැඳීම් ඝනකම් ය.මගේ හුස්මක වෙනසක් පවා අල්ලා ගන්නට නුඹට යන්නේ ඇසිල්ලකි.හැමදාමත් මා නුඹේ හුස්මම බව කියද්දී ඒ වචන දැනුනේ මගේ හද ගැඹුරටය.නුඹේ සුළඟිල්ලේ එල්ලී මා පුංචි අඩි තබා ඇවිදින්නට ඇති ය.නුඹත් පුංචි කමට, බිමට අත් නොහැරම මාව පරෙස්සම් ඇතුව වඩන බව දිනෙක කීවේ මගේ මෑණියන් ය.ඉඳින් නුඹ මට ළං වූයේ මා උපන් දා සිටය.නැත. මා මව් කුස හිඳි කල් සිටය.
Asgee - අස්ගී
- Publisher: Batahira Ahasa Publishers - බටහිර අහස ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- - Chami Thiyambara Hene Gedara - චමී තියඹරාහේනේ ගෙදර
- ISBN: 9789553417114
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55