• Asuwe Parapuren Sannaddhawa - අසූවේ පරපුරෙන් සන්නද්ධව

දේශපාලන ක්රියධරයෙකුගේ ජීවිතය යනු න්‍යායික කරුණු ඇත්ත ලෝකයේ අත්හදා බැලූ විද්‍යාගාරයකි. දශක හතරක පමණ  ඒ විද්‍යාගාර පර්යේෂණය පිලිබඳ ප්‍රමාණවත් තරමේ වාර්තාවක් දැන් අප අතට පත් වී තිබේ. කොතරම් දීර්ඝ වුවද මෙය කියවීම වෙහෙසකර කටයුත්තක් නොවේ. "අසුවේ පරපුරෙන් සන්නද්ධව", ඇත්ත  වශයෙන් ම පශ්චාත් අරගල දේශපාලන ක්‍රියාධරයෙකු විසින් කියවිය යුතුම කෘතියකි.


අසූව පරපුරට අයත් වීම ම සන්නද්ධවීමක් ලෙස ඔහු දැකීම පුදුමයක් නැත. ඇත්ත වශයෙන්ම, දෙදහෙන් පසු දේශපාලනය, අසූව දශකයේ ලේ වැකි, ජීවිත උකසට තබා කරාන්නට සිදු වුණු දේශපාලනයට සාපේක්ෂව කොතරම් සියුමැලිද, ආරාක්ශාකාරීද යන්න අමුතුවෙන් කිව යුතු නැත. මේ සියලු යුගයන් විනිවිද අඛණ්ඩ අරගලයක යෙදීමට පමණක් නොව තම ජීවිතයත් රැකගැනීමට සමත් වූ ක්රියාධරයෙකුගේ මේ මතක ලියවිල්ල මෙම යුගයෙහි කළ යුතු අනිවාර්ය කියවීමකි.


670pages

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha