වේලක් අතරට ගෙන දෙන මිහිරක්.
ප්රවීණ සූපවේදී දේශබන්දු ආචාර්ය ටී.පබ්ලිස් සිල්වා.
මිනිසාගේ ප්රධාන ආහාර වේලක් යනු, දවසේ නිශ්චිත කාලයක් තුළ සහ යම් සැලකිය යුතු ප්රමාණයක්
ගන්නා ආහාර වේලක් ලෙස ගතහැක. මිනිසාගේ පරිණාමයත් සමග මෙම සැකැස්ම
ඇතිවිණි . දිනකට ආහාර වේල් තුනක් සහිත රටාව යුරෝපයේ කාර්මික විප්ලවයත්
සමග ඇති වූවක් බව ආහාර ඉතිහාසය පිළිබඳව පර්යේෂණ කරන්නන්ගේ අදහසයි.
කිසියම් රටක ප්රධාන ආහාරය එම රටේ සංස්කෘතිය හා ජීවන ක්රමය මත බැඳී පවතින්නකි. උදාහරණයක් හැටියට කෘෂිකාර්මික රටක් වන ශ්රී ලංකාවේ ප්රධාන ආහාරය බත් වන්නේ එම නිසාවෙනි. මිනිසාගේ ජීවන රටාව වේගවත් වීමත් සමග අතුරු ආහාර ජනප්රිය විය.
අතුරු ආහාර වනුයේ ප්රධාන
ආහාර වේල අතරට පැමිණෙන අමතර ආහාරයි. මෙම ආහාරවල සම්භවය සොයා යාමේදී විවිධ
සංස්කෘතීන් හා මුහුව ගොඩනැගුණු ආහාරද දකින්නට ලැබේ. උදාහරණයක් ලෙස ලංකාව
තුළ ජීවත්වන විවිධ සංස්කෘතීන්, විවිධ ජාතීන් මගින් විවිධ අතිරේක ආහාර අප
වෙත ලැබී තිබේ. එමෙන්ම පශ්චාත් යටත් විජිත ආහාර රටාව ගැන අධ්යයනය
කරන්නෙකුට, බටහිර ආහාර ලාංකික දෛනික ආහාර වට්ටෝරුවට පමණක් නොව සිංහල
අලුත් අවුරුදු කැම මේසයටද පැමිණ ඇති බව සොයා ගත හැකි වනු ඇත.
මිනිසාට ප්රධාන ආහාර වේලට වෙනස් වුණු අතිරේක ආහාර වේලක් අවශ්ය වන්නේ ඇයි? එය හුදු ආහාරමය අවශ්යතාවයක් සඳහාම පමණක් නොවේ. විටක එය දියුණු සංස්කෘතික අවශ්යතාවයකි. ඒකාකාරී ආහාර රටාවෙන් මිදීමකි.
ප්රධාන වශයෙන් අතුරු ආහාර අවශතාවය ලාංකීය සමාජය කාර්ය බහුල වීමත් සමඟ ජනප්රිය වූවකි.
මෙහිදී සැලකිලිමත් විය යුතු වන්නේ අතුරු ආහාර පිළියෙල කිරීමේදී ප්රධාන වශයෙන් ඉහළ ප්රමිතිකරණයක් සහ කලාවක් පවත්වාගෙන යාමයි. එමෙන්ම එයට අදාල සුවඳක් සහ වර්ණයක් තිබිය යුතුය. එමෙන්ම ආහාර පිළිබඳව පවතින ජනප්රිය වැරදි අදහස් දුරු කළ යුතුය. ප්රවීණ සූපවේදී දේශබන්දු ආචාර්ය පබිලිස් සිල්වාගේ "අතුරු ආහාර" කෘතිය
මෙහිදී වැදගත්කමක් දරයි. දශක ගණනාවක් මෙරට ආහාර සංස්කෘතිය පෝෂණය උදෙසා ඔහු විසින් පලකරන ලද වටිනා කෘති රාශියකි.
මෙම කෘතිය අතුරු ආහාර විශාල ප්රමාණයක් එක්තැන් කළ මාහැඟි කෘතියකි .මෙහි දේශීය කුළුබඩු, දේශීය අමුද්රව්ය
භාවිත කරමින් විදේශ සම්භවයක් ඇති කෙටි කෑම සහ බේකරි කෑමද සාදාගන්නා
ආකාරයද සඳහන්ය. නිරෝගිමත් ජනතාවක් සඳහා වන සත් සිතුවිල්ලෙන්ද, කදිම
නිමාවකින්ද මෙම කෘතිය සම්පාදිතව තිබේ
Athuru Ahara - අතුරු ආහාර
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Publis Silva -පබිලිස් සිල්වා
- - Cookery - සූපවේදය
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553122735
- Availability: Out Of Stock
-
Rs. 1,800.00
- KBOOKS Cashback Rewards: 180
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mahasupavamsaya
Special orderchronicle recording of the evolution and food culture of the Sri Lankan society can be ..
Rs. 7,500.00
Katata Rasata Hanikata Uyamu - කටට රසට හනිකට උයමු
රසවත් දේශීය ව්‍යංජන , සාම්ප්‍රදායික රස කැවිලි සහ ඔව්ෂධීය පානයන් මෙන්ම සුවිශේෂී තුනපහ මිශ්‍රණ අච්චාරු..
Rs. 1,340.00
Apith Uyamu Rasa Mawamu - අපිත් උයමු රස මවමු
මේ පොතේ එන සියලු වට්ටෝරු සඳහා පහසුවෙන් ලබා ගත හැකි ද්‍රව්‍ය යොදා ගැනේ. විවිධ ආහාර පාන පෙළක් , සලාද ,..
Rs. 580.00