“ඔයා අපේ තාත්ත ව හොයාගෙන මගෙ ලෙඩේ ගැන එයාට කියන්න ඕනෑ.”
“තාත්තට ඕව කියල වැඩක් තියෙනව ද?”
“ඇයි නැත්තෙ?”
“ඒ මොකට ද තාත්ත කොහෙ ඉන්නවද කියල අපි දන්නෙ නෑනෙ”
“තාත්ත ව හොයාගෙන ගිහින් හරි මේක කියන්න ඕනැ තාත්ත ඒකාලෙ හැමදාම අම්ම එක්ක රණ්ඩු වෙන්නෙ අයියල දෙන්න වගේ පොඩි කාලෙදි මට මේ ලෙඩේ හැදුණෙ නැත්තෙ මං එයාගෙ නෙමේ හින්දය කියල”
‘ඉතින්’
‘දැන් මටත් මේ ලෙඩේ තියෙනවයි කිවුවම තාත්තට හිතෙයි මාත් එයාගෙ කියල... එතකොට මට අම්ම ව ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන කතාවෙන් නිදොස් කොට නිදහස් කරන්න පුළුවන්”
ඇය දුබල ලෙස සිනාසුණා ය.
(29 පරිච්ඡේදය 291 පිටුව)
Badde Kulawamiya - බැද්දේ කුලවමිය
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Rupa Sriyani Ekanayaka - රූපා ශ්රියාණි ඒකනායක
- ISBN: 9789556563337
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 50