ඉංග්‍රීසි සාහිත්‍යයේ රහස් පරීක්ෂක කතා රැුජින ලෙස විරුදාවලි ලත් අගතා
ක්‍රිස්ටි මැතිනිය සිය ජීවිත කාලය තුළදී පොත් හැත්තෑවකට වැඩි ප්‍රමාණයක්
රචනා කොට ඇත. කතාන්දරයේ අවසන් පිටු කිහිපයට ළඟාවන තෙක් මිනීමරුවා කව්රුන් ද
යන්න පාඨකයාට තේරුම් නොයන අයුරින් කතාව ඉදිරිපත් කිරීම ඇගේ සුවිශේෂීභාවය
ලෙස පැහැදිලිව හඳුනා ගත හැක. උපතින් ඔස්ටි්රයානු ජාතිකයෙකු වූ ඇය,
ඉංග්‍රීසි ජාතිකයින්ගේ සිතුම් පැතුම් සහ සිරිත් විරිත් යාන්තමට විවේචනයක
යෙදීමත් ‘ගැහැනු ඉව’ පිළිබඳව බොහෝ විට මතුකොට දැක්වීමත් ඇගේ කෘතීන්හි අනෙකුත් ලක්ෂණ ලෙස සඳහන් කළ යුතුව තිබේ. මෙහි මුල් කෘතිය අගතා ක්‍රිස්ටි විසින් පල කරන්නට යෙදුනේ 1959 වර්ෂයේදීය.
එංගලන්තයේ ඉහලම පෙලේ බාලිකා පාසැලක් වූ මිඩෝව්බෑන්ක් එහි ආරම්භක යුගයේ
පටන්ම රාජකීයන්, වංශාධිපතීන් සහ මධ්‍යම පාංතිකයන්ගේ දැරියන් එකට කැටි වී
ඉගෙන ගත් ස්ථානයක් ලෙස රට තුළ ජනප්‍රියය. කෙලිලොල් දැරියන්ගේ දඟකාරකම්,
රහස් පෙම් හබ සහ මැඩ පවත්වාගත නොහැකි කුතුහලය නිසා ඇති වන සුරතල් වැරදි
හැරුණු කොට වෙනත් කිසිදු අසාමාන්‍ය සිදුවීමක් පාසැල තුළ කිසිදා ඇති වී නැත.
එහෙත් මෙවර පාසැල පටන්ගත් දින නොගැලපෙන කිසිවෙකු තමන් අතර සිටිනවා යන
හැඟීමක් පාසැලේ කිහිපදෙනෙකු තුළ ම ඇති වේ. ඈත එපිට මැද පෙරදිග රටක ඇතිවන
විප්ලවයක අතුරු ඵලයක් කාටත් නොදන්වා පාසැල අභ්‍යන්තරයේ පැලපදියම් වීම ඊට
හේතුව බව කිසිවෙකු දන්නේ නැත. මිනීමැරුම්, පැහැරගැනීම් නිසා පාසැල පත්ව ඇති
වියවුලින් ගොඩ ඒමට එකම මග වන්නේ ඒ සඳහා වගකිව යුත්තන් අල්ලාගැනීම පමණි.
නමුත් ඒ සඳහා පොලීසියට පමණක් හැකි වේවි ද?...
Balika Pasale Abirahasa - බාලිකා පාසලේ අබිරහස
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Agatha Christie - අගතා ක්‍රිස්ටි
- - Poojitha Karunarathna - පූජිත කරුණාරත්න
- ISBN: 9789550171255
- Availability: Out Of Print
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60