නිකිතා යක්ෂ බැල්මෙන් මා දෙස බලා සිටියා ය. හැම විට ම ඇගේ සිත තුළ ජීවත් වූ මදන යකින්නිය මා දෙස බලමින් ඇඟමැළි කඩනු මම අත් දකිමින් සිටියෙමි. ඇගේ දෑස් රතු පැහැයෙන් බැබළිණි. නිකිතා ඇඳ සිටි රත් පැහැති සල්වාර් කමිසයත්, උරයේ පටලවාගෙන සිටි සුදු හා රතු මල් සහිත සාළුවත් ඇගේ අනියම් ප්‍රේමවන්තයා විසින් ඇයට ළඟ දී තෑගි දුන් පට පිළී බව මම දැන සිටියෙමි. ඒ රත් පැහැ සළුපිළි වලින් විසිර ගිය රාගයේ ප්‍රභාව ඇගේ දෙනෙත්වල පමණක් නොව දෙකොපුල්වල ද, තොල් පෙතිවල ද, නළල් තලයේ ද සලිත වෙමින් තිබිණි. ඇඳුමේ වර්ණයට සරිලන ලෙස පැලඳ ඇති රතු පැහැති අරුංගල් ගිනි පුපුරු මෙන් දිලුණේ ය. මට මතක් වූයේ වෙසක් පහන් එළියේ අරවින්ද දුටු, ගිනි පුපුරු මෙන් දිලුණු සරෝජිනී ගේ අරුංගල් ජෝඩුවයි. එහෙත් ඒ විරාගික පසුබිම උඩු යටිකුරු වී නිකිතා ගේ අරුංගල් වල, ගිනි ගැනෙන රාගයක සිත්තමක් සටහන් වී තිබිණැයි මට සිතිණි.
Bherunda Kadalla - භේරුණ්ඩ කැදැල්ල
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Rupa Sriyani Ekanayaka - රූපා ශ්‍රියාණි ඒකනායක
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Swarna Pusthaka Award Long Listed Books 2021 - 2021 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 978 955 656 607 9
- Availability: Available
-
Rs. 1,400.00
- KBOOKS Cashback Rewards: 140