සීත කාමරේ කැරකෙනා පුටුව මත
ඔයා රජවුණු දවසෙ
මං ඇඬුවෙ සතුටට
උජාරුවකුත් නොතිබුනාම නොවෙයි
කඳුළු අතර අතරින් පතර.....
කවිකමට බැඳිලා බහදුන්නේ මං එදා
ජීවිතේ කවියක්ම වේවිනේ කියලා
පස්සෙ දවසක හිතුනොතින් තනුවක් හදලා
ගීතෙකුත් කරනවා කියලා.........
රජවෙන්න ඔයා තතනන දවස්වල
කොන්ක්‍රිට් වදුලු මත කලබලෙන් ඇවිදිද්දි
වැටුණා නේද බිමට නුඹේ කවි සිත
පස්සෙ ඇහිදිනවා යැයි නුඹ කියූ කවි සිත
ආපහු හැරෙන්න බැරි තරමට
ඔයාට වැඩ හින්දා
මං හැරෙන්නම් රත්තරං
දෝතින් ඇහිඳන් එන්න
මග හැරුණු මග හැලුනු ජීවිතය..
දස දහස් මිනිසුන්ගේ
දෙපා යට පෑගෙමින්
මියැදෙමින් තිබෙන ඔබේ
කවිකාර හිත් මැණික
අහුලන්න මං මාන බලනවා.....
මිනිස් හෙවනැලි මාව වහනවා..
ඔයා රජවුණු දවසෙ
මං ඇඬුවෙ සතුටට
උජාරුවකුත් නොතිබුනාම නොවෙයි
කඳුළු අතර අතරින් පතර.....
කවිකමට බැඳිලා බහදුන්නේ මං එදා
ජීවිතේ කවියක්ම වේවිනේ කියලා
පස්සෙ දවසක හිතුනොතින් තනුවක් හදලා
ගීතෙකුත් කරනවා කියලා.........
රජවෙන්න ඔයා තතනන දවස්වල
කොන්ක්‍රිට් වදුලු මත කලබලෙන් ඇවිදිද්දි
වැටුණා නේද බිමට නුඹේ කවි සිත
පස්සෙ ඇහිදිනවා යැයි නුඹ කියූ කවි සිත
ආපහු හැරෙන්න බැරි තරමට
ඔයාට වැඩ හින්දා
මං හැරෙන්නම් රත්තරං
දෝතින් ඇහිඳන් එන්න
මග හැරුණු මග හැලුනු ජීවිතය..
දස දහස් මිනිසුන්ගේ
දෙපා යට පෑගෙමින්
මියැදෙමින් තිබෙන ඔබේ
කවිකාර හිත් මැණික
අහුලන්න මං මාන බලනවා.....
මිනිස් හෙවනැලි මාව වහනවා..
Bimata Wata Sitha - බිමට වට සිත
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Erandi Ireka Thiranagama - එරන්දි ඉරේඛා තිරාණගම
- ISBN: 9786240012270
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25