• Bingeya Pasukara Bingeya - බිංගෙය පසුකර බිංගෙය

කරුණාවෙන් සවන්දෙන්න..!

තව ස්වල්ප මොහොතකින් 

වේදිකාවට පැමිණීමට නියමිත,

රාත්‍රී විශේෂිත දුම්රිය, කඳුකර භුමිගේ පිහිටි විශේෂ ස්ථානයක, බින්ගේය පසුකර බිංගෙයකට යා වූ 

පසු නවතයි.

යළි ගමන් කරන්නේ, පසු දින හිමිදිරි උදයේ හිරු උදාවිඉමෙන් පසුවයි...!

එතක කිසිම දුම්රිය ස්ථානයකින්,

වෙනත් කිසිදු මගියෙකුට එහි ගමන් ගැනීමට නොහැකි 

බව කරුණාවෙන් සලකන්න...!

යැයි මයික්රෝෆොනයෙන් කියවුනි.


විදුලි ඇස් සිනාසී

දුම්රිය 

බිංගෙය පසුකර බිංගෙය 

යා වූ පසු නැවතුණි. 


මෙහි සිටින්නේ 

යුවලක් පමණි.

ඔව්, නැරඹුම් මැදිරියෙහි 

අලුත විවාහ වූ යුවලක් 

අද ගෙවෙන්නේ 

මධුසමයයි...! 


රියදුරු දෙපලට සහ දුම්රිය 

කාර්යය් මණ්ඩලයට 

එන්ජිම සමීපයෙහි මැදිරියක වෙන් කළ 

වයින් සමග සංග්‍රහයක්   


ඔව්, මෙහි අප දෙදෙනා 

අලුත විවාහ වූ යුවලක් 

අද ගෙවෙන්නේ 

බිංගෙයක් තුළ 

නැරඹුම් මැදිරියෙහි 

මධුසමයයි මෙලෙසින් සිහින මැවූ 

මධුසමයයි 


දැන් මේ මැදියම හරි උණු හිමයි

උණුසුම මැනවින් ඕනෑකර තිබෙයි.

ඇත බිංගෙයහි ඒ සැවොමයි

මෑත බිංගෙයහි අප දෙදෙනායි-යා කර 

ගී හඬ මුසු වෙයි 

දුම්රිය එන්ජිම 

නොනවත්වා පන පණගැන්වෙයි  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Bingeya Pasukara Bingeya - බිංගෙය පසුකර බිංගෙය

  • Rs. 600.00