- සූම් සංලාපයේ දුටු ඔබට -
(විශාල කාලෙකින් දැක්කෙ. ඒ හඬමයි. ඒ හිනාවමයි.)
සූම් ලොවක අවතැන්වුණු වෙලාවක
සූම් කවි විඳින රසකවි ගුලාවක
සූම් කටහඬක හද මං තලාවක
සූම් කරපු මොහොතෙම මං මුළාවක
පටන් ගන්න පෙර හිමිවුණු මිනිත්තුව
ඇවිත් ඉන්නවුන් ලිස්ට් එක පිරික්සුව
සුසුම් වින්ද හිත ළඟ ඇස නැවැත්තුව
ඉතින් දැනුණි සුපුරුදු තැන කෙනෙත්තුව
ඔබව දුටුවෙ මෙ පරිදි මුල් වතාව ය
ඔබට පිරිනැමුණෙ පළවැනි කතාව ය
තවම මුවග කට්රොල් මල් ලතාව ය
දෙනෙත වැසුවෙ සසැළෙන තොල් පතාම ය
කොක්සන් නැඟුණු මතකය මැද මකරන්ද
රන්වන් මුහුණ කැළඹෙනු දුටුවෙමි මන්ද
සන්සුන් සභාගැබ ඔබ යළි සන්සුන් ද
යන්තම් හිනාවත් වියැකුවෙ මේ මන්ද?
අහම සිතැඟි මත ඉහිරන ‘සුනෙත්තරා’
‘ප්‍රේම පුරාණය’ හදවත පිරිත් කරා
මහරු මතක සුරැකිය යුතු දිවිත් පුරා
තෑගි අතරමැද එය මට අනුත්තරා
සූම් නොවන කවියක ඇති සමාධියේ
තෝන්තුවාවද නෙතු යුග පිනාගියේ
යාන්තමින් ඔබ දුටු කලබැගෑනියේ
හීන් කෙඳිරිලන කඳුළෙද හිනා තියේ
වල්ලභ වද්ද පසුබිම් උගුර කාරනා
කළබල වද්ද සන්සුන් වචන තෝරනා
වැස්සෙන් වද්ද ගොර ගොර සද්ද වෑහෙනා
අඩුවෙන් වද්ද සිග්නල් ඇත්තෙ කිව මැනා
- මංජුල වෙඩිවර්ධන
(බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක් - 2024)
(විශාල කාලෙකින් දැක්කෙ. ඒ හඬමයි. ඒ හිනාවමයි.)
සූම් ලොවක අවතැන්වුණු වෙලාවක
සූම් කවි විඳින රසකවි ගුලාවක
සූම් කටහඬක හද මං තලාවක
සූම් කරපු මොහොතෙම මං මුළාවක
පටන් ගන්න පෙර හිමිවුණු මිනිත්තුව
ඇවිත් ඉන්නවුන් ලිස්ට් එක පිරික්සුව
සුසුම් වින්ද හිත ළඟ ඇස නැවැත්තුව
ඉතින් දැනුණි සුපුරුදු තැන කෙනෙත්තුව
ඔබව දුටුවෙ මෙ පරිදි මුල් වතාව ය
ඔබට පිරිනැමුණෙ පළවැනි කතාව ය
තවම මුවග කට්රොල් මල් ලතාව ය
දෙනෙත වැසුවෙ සසැළෙන තොල් පතාම ය
කොක්සන් නැඟුණු මතකය මැද මකරන්ද
රන්වන් මුහුණ කැළඹෙනු දුටුවෙමි මන්ද
සන්සුන් සභාගැබ ඔබ යළි සන්සුන් ද
යන්තම් හිනාවත් වියැකුවෙ මේ මන්ද?
අහම සිතැඟි මත ඉහිරන ‘සුනෙත්තරා’
‘ප්‍රේම පුරාණය’ හදවත පිරිත් කරා
මහරු මතක සුරැකිය යුතු දිවිත් පුරා
තෑගි අතරමැද එය මට අනුත්තරා
සූම් නොවන කවියක ඇති සමාධියේ
තෝන්තුවාවද නෙතු යුග පිනාගියේ
යාන්තමින් ඔබ දුටු කලබැගෑනියේ
හීන් කෙඳිරිලන කඳුළෙද හිනා තියේ
වල්ලභ වද්ද පසුබිම් උගුර කාරනා
කළබල වද්ද සන්සුන් වචන තෝරනා
වැස්සෙන් වද්ද ගොර ගොර සද්ද වෑහෙනා
අඩුවෙන් වද්ද සිග්නල් ඇත්තෙ කිව මැනා
- මංජුල වෙඩිවර්ධන
(බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක් - 2024)
Bodleyata Siliti Parasathu Maleka Peththak - බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Manjula Wediwardana - මංජුල වෙඩිවර්ධන
- - New Arrivals - අලුත් පොත්
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786246625115
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 35