'සුහද මාරුවක්'
රතු ඉරට කිසිදාක ළං නොවුණ
කහ ඉරෙන් සීරුවට මාරු වුණ
හැමෝටම කලියෙන් වැඩට ආ
සඳා මිස් මාරු වී යනවා
එයාලගෙ ගම්පළාතේ තැනකට
මං මාරුවෙලා ආපු දවසේ මෙහෙට
ඇය තමයි මුලින්ම හිනා උනේ මං එක්ක
දහසකුත් සාරි පැටලිලි අතරේ
මහ අමුතු ගෑනියක් මං දැක්ක
සති අන්තේ ගං පළාතේ යනවා
සඳුදාට ලොකු බත් එකක් ගේනවා
සමහරක් හැඟුම්බර හවස් වල
බෝඩිම ළඟට යනකල්
අපි පයින්ම ඇවිදගෙනත් යනවා
ස්වල්පයක් වගේ පස් දිනක්
කල්පයක් වගේ දින දෙකක්
හෙටින් පසු අවසාන වෙනවා
ඒත් ඔය මුකුත් නොහිතා
ඊයෙ රෑ හිතාගත් විදිහටම
තේ පැන් සාදය වෙලාවේ
මං මගෙ කතාව කරනවා
මා තුළම වැඩුණේද අන් යමෙකු
-චින්තක සමන් හේරත්
Ma Thulama Weduneda An Yameku - මා තුළම වැඩුණේද අන් යමෙකු
- Publisher: Santhawa Publishers - සන්තව ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Chinthaka Saman Herath - චින්තක සමන් හේරත්
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245594238
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 30