"........චූටි පුතේ ඔය දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ මීගස් කැපුවොත් මරණ දණ්ඩනේ ලැබුණා. පස්සේ ඉතිං ඔය සුද්දෝ 1833 කොල්බ්රුක් ප්රතිසන්ස්කරනවලින් පස්සේ අපේ ම මිනිස්සු ලවා මීගස් කප්පවලා ඒවාට අවසරත් දීලා තියෙනවා."
කිරි අම්මා දිගටම කියවාගෙන යයි.
"ඔය මී මල් පිපෙන කාලෙටයි, ගෙඩි හැදෙන කාලෙටයි වවුලන්ට රජ මගුල් වගේ වගේ. චූටි පුතේ ඔය වවුලෝ වැඩි හරියක් ඉන්නෙත් ඔය මී ගස්වලනේ"
"..... ඔය එක මී ගහකින් කුඹුරු අක්කරෙකටා පොහොර ගන්න පුළුවන්, චූටි පුතා දන්නව ද? මේ මී ගහට කියන නම?"
"නෑනේ කිරිඅම්මේ"
"ඕකට කියන්නේ 'ජාතියේ පොහොර ගස' කියලා. විශ්ව විද්‍යාලවල මේවත් ජීවිතේට වැදගත් වෙන දේවල් චූටි මහත්තයෝ"
Nuwaraka Senehasa - නුවරක සෙනෙහස
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Digesi Pabasara Amarasinghe - දිගැසි පබසරා අමරසිංහ
- ISBN: 9786246576004
- Availability: Available
-
Rs. 950.00