නුඹ වචන ගිලගත් හැන්දෑවේ
නුඹ වචන ගිලගත් හැන්දෑවේ
මගේ වචන ද මිය යමින් තිබුණා
දුරින් දුර නික්ම යන සඳ
නුඹ, නොහැරීම අහස ගත්තා
නුඹේ රුව
තිතක් සේ දිය වුණා
එත්, මා තුළ
පිරී ඉතිරෙමින් සිටියා
කුමක් කියා කියන්න ද නුඹ
මටත් වචන අහිමි කල
තැවෙයි හදවත
ළඟාවෙනා මොහොතක්
අප්රකාශිත හැඟුම්
පවසයි ළතැවිලි සිතුම්
හොර බැල්මකින් සඳත්
අප දෙසම බලන්
වෙන්වීමක් නැති
එකතුවීමක්ද නැති
නොදනී කවුරුත්ම
අපම ද.......
දවසක් හැන්දෑවක
නුඹේ කුටියේ
රහ කරකර තොල ගෑ
තේ කෝප්ප දෙක
වෙළී සිප ගෙන තිබුණි.
මේ කවි අතර ඇති කාව්‍යාලංකාරික හා යෙදුම් පමණක් වුවත් දීපචෙල්වන්ගේ කවියෙහි පමණක් නොව මහු ඇතුළු දෙමළ ජනයා අත්විඳී ජීවිතයෙහි තතු ඒ වචනවල ගබඩා කර අපට ඉදිරිපත් කරයි. පුස්තකාලයකින් අවසන් වන වීදියේ සන්ලයිට් කොළ පිරි තිබිණි', " රන් මිලට ගත් පෑන සාමාන්‍ය සිංහල කවියකින් හමු නොවන යෙදුම් වේ. තුවක්කුකාරයන්, ඝාතකයින් දවාලද රාත්රියද අරක්ගත් පරිසරයක පොත්පතට, අකුරුවලට, කඩදාසි හා පෑන්වලට අතුරුදහත්වන්නට නොදී අල්ලා සිටින ජනතාවක් හා තරුණ පිරිසක් ගැන කවි කීපයක්ම මෙහි එයි. හිංසනයේ අශිෂ්ටත්වය අබිමුව ප්රබුද්ධත්වය අත්නොහැර අල්ලාගෙන සිටීමේ නැඹුරුවක් ඉන් පෙනේ. ඒ දුෂ්කර කොන්දේසි යටතේ මේ කවි ලියවීමම ඒ නිසා පුදුමයෙක් නොවේ.
මේ කවි අතර එන ඇතැම් කාව්‍යමය යෙදුම් දීපචෙල්වන්ට පමණක් නොව මෙහි විස්තර වන ජීවිතය ගෙවූ දෙමළ ජනයාගේ ජීවිතයට ආවේණික වූ සෙයක් පෙනේ. ඒ යෙදුම් දකුණේදී හමුවන්නට තිබෙන ඉඩ ඉතා අඩුයි.
මුවා වේගයෙන් දුවයි.
මුවා ලෙස වෙස් මාරුකරගත්තවුන්
මුවාට ආශ කළෝ ඇවිදිමින් සිටිති
ඒ මන්දැයි සොයන දකුණේ අපට අප ගැනම සාමූහික ආත්ම පරීක්ෂාවක් කරන්නට සිතන තැනට හෘදය කම්පනයක් ඇති වුවහොත් ඒ අගනා කාව්‍යයමය ඵලාප්තියකි. නොයෙක් බල ස්තර හා දෘෂ්ටිවාදී ස්තර විනිවිද ගොස් එවැනි ආත්ම පරීක්ෂාවක් කරන තැනට රටක් මෙහෙය වීම යනු කවියකට තනිව කළ හැකි වැඩක් නොවේ. එහෙත් කවියටත් එහිදී භූමිකාවක් තිබේ.
මෙහි එක කවිවල යෙදුම් පමණක් නොව ඇතැම් කවිවල සමස්තයම අද්වීතීය වේ. නිදර්ශනයක් ලෙස "අම්මාගේ නිවාස සැලැස්ම" නම් කවිය ගන්න. එය පුදුමාකාර කවියකි. ඉතා දුෂ්කර කොන්දේසි යටතේ. මවකගේ මාතෘ ශක්තිය පමණක් නොව ස්ත්‍රී ශක්තියද ඒ කවියට හසු වන්නේ අනුවේදනීය ලෙසය.
Rathriya Matha Rathu Kurullek Lagagena - රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන
- Publisher: Nine Publishers - නයින් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කවි
- - Anusha Sivalingam - අනුෂා සිවලිංගම්
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Theepachelvan -දීපචෙල්වන්
- ISBN: 9786245717392
- Availability: 2-3 Days
-
Rs. 450.00