මෙරට පළමු කාන්තා මහ ඇමතිනිය සහ ජනාධිපතිනිය,ලොව සිව් වන විධායක ජනාධිපතිවරිය මෙන් ම දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා ට පමණක් දෙවැනි වූ ඡන්ද ප්‍රතිශතයකට උරුමකම් කියන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය,ජාතික සහ ජාත්‍යන්තර දේශපාලනයේ සුවිශේෂී චරිතයකි.අභියෝගවලින් පිරි ඇගේ පෞද්ගලික සහ දේශපාලන ජීවිතය පිළිබඳ ලියැවුණු මේ අපදානය,මෙරට දේශපාලනයේ එක්තරා යුගයක් සංකේතවත් කරයි.
1960 දී තම දරු තිදෙනාට පමණක් නොව, අනාථ වූ මුළු මහත් ජාතියට ම මවක් වෙමින්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අවදානමෙන් පිරුණු දේශපාලන ගොහොරු බිමට එළඹ, මෙරට පොදු ජන ව්‍යාපාරයට නායකත්වය ලබා දුන්නේ යම් සේ ද, ඊට වඩා බොහෝ සංකීර්ණතා සහ අවදානම් ගහන පරිසරයක් තුළ, 1994 දී චන්ද්‍රිකා මෙරට පොදු ජන ව්‍යාපාරයට නායකත්වය ගත්තී, සියලූ දුක්ඛසෙය්‍යා දුර්භෝජන වළඳමින් අතිශය සංකීර්ණ, මෙන් ම කටුක සහ භයංකර මාවතක් ඔස්සේ ය.
මේ කෘතිය එවන් අභියෝගාත්මක චරිතයක දිවි සිරිත සොයා ගොස් තොරතුරු ස්වල්පයක් ගොනු කර සකසන ලද ලියවිල්ලකි.
මේ කතාව මුල සිට පිළිවෙළට ගලායන කතාවක් නොවේ. ඇයගේ ජීවිතයේ අභියෝග, අහිමිවීම්, ජයග‍්‍රහණ මෙන් ම ජීවිත කාලය තුළ ඈ ආරක්‍ෂා කළ ප‍්‍රතිපත්ති ද මෙම කෘතියේ දී සාකච්චා කරමු.
Chandrika - චන්ද්‍රිකා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Biography - චරිතාපදාන
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Tharindu Thotawaththa - තරිඳු තොටවත්ත
- ISBN: 9789553125101
- Availability: Out Of Stock
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 95