"අපි සීයාව කේන්ති ගස්සමු.එතකොට සියා අපි එක්ක තරහ වෙලා යන්න යාවි.ඊට පස්සේ අපි කැලේට දුවමු."
..රාජාලියා අවුරුද්දකට සැරයක් විවේක ගන්න දුර ඈත කඳුමුදුනකට යනවා. එදාට රාස්සයට සුප් නැති වෙනවා. බඩගිනි රාස්සයා එතකොට වනන්තරේ දෙදරන්න ගොරවලා ලොකු කන්දක් පෙරළෙනවා වගේ ඇවිදින්න පටන් ගන්නවා. අහුවෙන ඕනෙ දෙයක් කනවා.
ඒ හින්දයි මේ ළමයින්ට කියන්නේ කැලේ ඈත ඇවිදින්න එපා කියලා. " සීයා කතාව කියලා අවවාද දෙන්න හරි බරි ගැහුණා.
කුකුල් පැටවු ටිකක් කල්පනා කළා. සීයා හරියට රහස දැනගත්තා වගේ මේ කතාව කිව්වේ සෙල්ලම නවත්තන්න තමයි. ඒ ගොල්ලො හිතුවා. චුට්ටු බුට්ටු එකපාරටම පැනලා කැලේ පැත්තට දුවන්න පටන් ගත්තා. අනෙක් අයත් පස්සෙන් දිව්වා. අන්ද මන්ද වුන සීයත් "කොක් කොක් කොහෙද යන්නෙ" කිය කිය දුවන්න ගත්තා. කුකුල් පැටවු ටික ගස් අස්සෙ හැංගිලා.. සීයට දුවන්න බැරුව නැවතිලා. ඈතට දුවපු නිසා පැටවුන්ට සීයගේ කරමල නැති ඔළුව පෙනුනෙ තට්ටෙ වගේ. චුට්ටු බුට්ටු එක පාරටම හීනි හඬින් හනි හනිකට මෙහෙම කියන්න ගත්තා.
"තට්ට ගෙඩිය පෑදේ..
තට්ට ගෙඩිය පෑදේ."
Chuttu Buttu Saha Sup Badagini Rassaya - චුට්ටු බුට්ටු සහ සුප් බඩගිනි රාස්සයා
- Publisher: Ahasa Publishers - අහස ප්‍රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Kalpana Ambrose - කල්පනා ඇම්බ්‍රෝස්
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553425225
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Oba Gamburu Nindaka - ඔබ ගැඹුරු නින්දක
පෙමින් බැඳි උන් යුගෙන් යුග මෙහි එන්නැතී ප්‍රේමයට දිවි දෙන පිණිස හිස අත් තබා දිවුරන්නැතී සෙල්මුවා ලොව..
Rs. 250.00
Piya Nohambu Piyapath - පියා නොහැඹු පියාපත්
රුසිරු මල් ලියකම්මේ තරම් මනරම්සියුම් ගල් කටු කෙටුම් රිදවුම්දරා ගත් බැවිනිලොවට රහසින්..
Rs. 450.00
Nopawathinu Was Premayawa Pawathimi - නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි
ඒ මගෙ හිත මේ තමයී ඔබ අතැර ගිය ඉපැරණි වැරහැලි ම හදවත හිරු එළිය වැද දවසක අළු ව යන තුරු දැවී යනු නි..
Rs. 250.00