මං දහම් පාසලේදී "දර්ම" කියලා ලිව්වා කියලා ලොකු හාමුදුරුවෝ මාව වැලි මළුවේ දණ ගැස්සුවා. අල්පප්‍රාණ ජීවිත කතාවලට මහප්‍රාණ නියත මොකකටද කියල මං වැලි මළුවේ ලොකු අකුරෙන් ලිව්වා ම උපාසක අම්මා ඒ අකුරු උඩින් පොල් අත්තක රටාවක් පාදාගෙන මළුව ඇමදගෙන ගියා... ඉතින් ලොකු හාමුදුරුවනේ මං ඔබේ දාසයා සෙන්නි... නාහෙට අහන්නේ නැති දර්ම පුරම් වැසියෙක්.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
උඹට තිබුණේ ටිකක් හීලෑ වෙන්න... මං කියන්නේ මොකක්ද කියන එක උඹ සක්කාරම් ගහන සක්කරවට්ටමකට තේරෙන්නේ නෑ සෙන්නි. උඹ එක පාරක්
හැරිලා බලපන් උඹට තිබුණේ "ද" යන්න නොලියා ඉන්න... එහෙනම් අපි අද හඳට රොකට් එකකුත් යවල... උඹ "ද" හරියටම ලිව්වා නම් අපි තාමත් ජීවත් වෙනවා... උඹ මේ දර්මපුරම්වල සක්කරම් ගැහුවට කවමදාකවත් හොයා ගන්න බැරි වුණ මං නේරංජනා...
පිල්ලම් මාරුවෙවී පල්ලම් බැස්ස දර්මපුරම් වැසියෙක්
Darmapuram - දර්මපුරම්
- Publisher: Silika Publication - සිලිකා ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Manori Silika Wickramaarachchi - මනෝරි සිලිකා වික්රමආරච්චි
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245841295
- Availability: Available
-
Rs. 1,300.00