නුබ ගැබ සිසාරා විහිදුණේ පූර්ණ චන්ද්‍රයාගේ කාන්තියයි. නිවී නිවී දැල්වෙන කුඩා තාරකාවන් එකිනෙක හා පොරබැදුවේ, චන්ද්‍රයාගේ යතිය බෙදාගැනීමට මෙනි. සුවිසල් වෘක්ෂයෝ මඳ පවනේ සැලෙමින් සිය විඩාව නිවා ගනිති. මඳ පවන ගෙන එන සිසිලැස සමග නිශාචර පක්ෂීන්ගේ හා රැහැයියන්ගේ නාදයන් එක්වන විට මැවෙන්නේ අමුතුම ලෝකයකි.
කටුමැටි බිත්ති සහිත නිවසේ වහලයට පොල් අතු සෙවිලි කර තිබු අතර දිරාගිය ඉදිරිපස දොරේ යටි කොටස තැනින් තැන කැඩී තිබිණි. ඉදිරියට පෙනෙන එකම ජනේලයේ ද පියන දිරා ගොස් තිබුණු අතර මැටි ගුලි ඔබා එහි හිල් ආවරණය කර තිබිණ. නිවස වටා තිබූ රුක් ගොමු සහ කැලෑ මල් පරිසරය සුන්දර කළ ද ගරා වැටුණු පෙනුමෙන් යුත් නිවාස වසර සියගණනක් පැරණි නටඹුන් සදිසිය. ඉස්තෝප්පුවේ තිබුණේ මැටියෙන්ම සාදා තිබු දිග බංකුවක් පමණි.
"මල්මලියෝ... මක්කැයි කෙලියේ උඹ මේ රෑ පානේ එලියට වෙලා කොරන්නේ...? වරෙන් ගෙට... ඔහොම හඳ දිහා බලන් ඉන්නේ උඹට ඔල්මාදේ හැදීගෙන එනවද...? ඉක්මනට ගෙට වර... දොර වහලා දාලා..."
Kuwera - කුවේර
- Publisher: De Luna Publishers - ඩී ලූනා ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ayodhya Sonali - අයෝධ්‍යා සොනාලි
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245538041
- Availability: Available
-
Rs. 975.00