• Demapiyan Nodakina Isav - දෙමාපියන් නොදකින ඉසව්
Susan Forward, PhD විසින් රචිත, Toxic Parents
"දෙමාපියන් නොදකින ඉසව්"
පරිවර්තනය: ප්‍රදීප්කුමාර බාලසූරිය.
ප්‍රකාශනය: විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය.
බියපත්වීම, කෝපවීම, පසුගාමීවීම, අසමත්වීම, වෛරකිරීම, සබඳතා බිඳවැටීම හා ජයග්‍රහණ අහිමිවීම වැනි දහසක් සෘණාත්මක දේ අප දකින්නේ අපේ වරදකින් සිදුවූවක් ලෙසිනි. නමුත් එයින් බොහොමයක් මාපියන් වෙතින් උරුමවූ දේ යැයි අපට කිසිසේත්ම නොහැඟේ. නමුත් අපේ එවැනි අසමත්කම්වලට විසඳුම් සෙවීමට පෙර ඒවා අපට ලබාදුන් මූලාශ්‍ර සෙවිය යුතු වේ.
‘දෙමාපියන් නොදකින ඉසව්’ ග්‍රන්ථය ඔබ තුළ වූ විවිධාකාර මානසික ගැටළුවල පිළිතුරු සපයන්නකි. එමෙන්ම මෙය අප සමඟ ජීවත්වන මිනිසුන් තෙවර්ගයකට බොහෝ ප්‍රයෝජනවත් වන්නකි. පලමුව, විවිධ අපයෝජන තුළින් දරුවන්ගේ ජීවිත වැනසෙන්නේ කෙසේදැයි මාපියන්ට හඳුනාගැනීමේ පහසු මඟකි. දෙවනුව, තමා තුළ පවතින අසහනකාරී හා අසමත්වීම්වලට මාපියන්ගේ චර්යාවන් බලපාන්නේ කෙසේදැයි ඔබට හඳුනාගත හැක්කකි. තෙවනුව, මෙම ග්‍රන්ථය මනෝ උපදේශකයන්ට කදිම ‘අත්පොතකි’.
මනෝ විද්‍යාඥ, සුසාන් ෆෝවර්ඩ් පවසන අන්දමට ‘ව්‍යාභීචාරය’ට ප්‍රතිකාරකිරීමේදී මනෝ චිකිත්සකයන් විසින් උගත් විෂය කරුණුවලට වඩා වැදගත් වන්නේ එය සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයන, අත්දැකීම් හා විශේෂඥ පළපුරුද්ද පරිශීලනයකිරීම ය. මනෝ උපදේශනයෙහි යෙඳෙන්නන්ට එම කාර්යය මෙම ග්‍රන්ථය විසින් මැනවින්ම ඉටු කරදෙයි.
වස විස ඇති වැඩිහිටියන් හඳුනාගන්න
අසමත් මාපියෝ -
මෙම මාපියන් කාණ්ඩය නිරන්තරයෙන්ම තම ගැටළු කෙරෙහි අවධානය යොමුකරන පිරිසකි. ඔවුන් වඩාත් උත්සාහ කරන්නේ තමාව රැකබලාගැනීමට දරුවන්ව ‘කුඩා වැඩිහිටියන්’ බවට පත්කිරීමට ය.
පාලකයෝ -
මෙම මාපියෝ කාණ්ඩය සැමවිටම තම දරුවන්ව පාලනයකිරීමට උත්සාහ කරති. ඒ දරුවන්ගේ වැරදි අල්ලාගෙන ඒවා තම වාසියට හරවාගෙන හෝ පමණට වඩා උපකාර කරමින් ඔවුන්ගේ ජීවිත පාලනයකිරීමෙනි.
සුරාසොඬුන් -
අධිකව මත්පැනට ඇබ්බැහිවූවෝ සමාජයෙන් හා පවුලෙන් ප්‍රතික්ශේපවීම හරහා අවුල් සහගත ජීවිත ගෙවති. එහෙයින් ඔවුන්ට තම මාපිය පදවියේ වගකීම් දැරීමේ ශක්තිය හා කාලය අහිමි වේ.
වාචික අපයෝජකයෝ -
මෙම මාපියන් පිරිසට අයත්වන්නේ විවෘතව නින්දා අපහාසකිරීම හෝ ෂූක්ෂමාකාරයෙන් උපහාසාත්මකව දරුවන්ව අධෛර්යයට පත්කරන්නන්ය. ඔවුහූ නිරන්තරයෙන්ම දරුවන්ව හෙළා දකිමින් ඔවුන්ගේ ආත්ම-විශ්වාසය සොරාගනිති.
කායික අපයෝජකයෝ -
තම මුල්බැසගත් වියරුමය කෝපය පාලනය කරගැනීමට අසමත්වීමෙන් ඇතැම් මාපියෝ දරුවන්ගේ නොමනා හැසිරීම්වලට දොස් පවරති.
ලිංගික අපයෝජකයෝ -
නින්දිත, සහාසික හෝ රහසිගතව වරදට පොලඹවාගැනීමෙන් දරුවන්ට ලිංගික අපයෝජන සිදුකරන වැඩිහිටියෝ පිරිසක්ද වෙති. කෙසේ වෙතත් මෙම පුද්ගලයන් දරු පරම්පරාවෙහි පරම ද්‍රෝහීන් වන්නේ ඔවුන් විසින් ළමාවියේ හදවත හා ඔවුන් අවිහිංසකත්වය විනාශකිරීමෙනි.
සිදුවූ දෙයට දරුවෙකු ලෙස ඔබ දොස් ඇසිය යුතු නොවේ.
නමුත් දැන් ඔබට එය වෙනුවෙන් කුමක් හෝ කළ හැක.
සුසාන් ෆෝර්වර්ඩ් ග්‍රන්ථ රචිකාව ගැන
සුසාන් ෆෝර්වර්ඩ්, ලොව කීර්තිමත් මනෝ චිකිත්සකවරියකි. දේශකවරියකි. ග්‍රන්ථ කතුවරියකි. ඇය විසින් රචිත toxic Parents හා Men Who Hate Women and the Women Who Love them යන New York Times Best Selling  ග්‍රන්ථ නාමාවලියට එක්වූ ලොව පුරා පිටපත් මිලියන ගණනින් අලෙවිවූ ග්‍රන්ථ වෙති. ඇය විසින් රචිත සෙසු ජනප්‍රිය ග්‍රන්ථ අතර Obsessive Love, Betrayal of Innocence: Incest and Its Devastation, Money Demons, Emotional Blackmail, When Your Lover Is a Lier හා Toxic in-Laws වෙති. එයට අමතරව ඇය පෞද්ගලික මනෝ චිකිත්සාව හා වසර පහක්ම දිනපතා ඇමෙරිකානු ගුවන්විදුලි සංස්ථාවේ සාකච්ජාමය වැඩසටහනකට එක්වූවෙකි. තවද දකුණු කැලිෆෝනියාවේ වෛද්‍ය හා මනෝ චිකිත්සක ආයතන සඳහා කණ්ඩායම් මනෝ චිකිත්සකවරියක, උපදේශිකාවක හා විශේෂඥවරියක සේ සුසාන් ෆෝර්වර්ඩ් කටයුතු කරන්නීය. කැලිෆෝනියාවෙහි ප්‍රථම ලිංගික අපයෝජකයන්ගේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටුවේද ඇය විසිනි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Obatath Diniya Hakiya - ඔබටත් දිනිය හැකිය

Obatath Diniya Hakiya - ඔබටත් දිනිය හැකිය

ඔබටත් දිනිය හැකිය . මෙම පොත ඔබ තුළ ආත්ම අභිමානය , ශුභවාදී ආකල්ප, ශුභවාදී පුරුදු හා හැසිරීම් හා කදිම ..

Rs. 560.00

Oba Thulath Nayakayek - ඔබ තුලත් නායකයෙක්

Oba Thulath Nayakayek - ඔබ තුලත් නායකයෙක්

නායකත්ව පුහුණුව අද පාසල්වලත් විවිද ආයතනවලත් අවධානය යොමු වී ඇති වැදගත් කර්තව්‍යයකි. මේ සඳහා ලොව සුපතල..

Rs. 880.00

Dhanawath Piya Dilindu Piya - ධනවත් පියා දිළිඳු පියා

Dhanawath Piya Dilindu Piya - ධනවත් පියා දිළිඳු පියා

Robert T Kiyosaki Sharon,  L Lechter විසින් රචිත Rich Dad, poor Dad   ග්‍රන්ථයේ සිංහ..

Rs. 920.00

Gahanunta Wada Pirimin Wenas - ගැහැනුන්ට වඩා පිරිමින් වෙනස්

Gahanunta Wada Pirimin Wenas - ගැහැනුන්ට වඩා පිරිමින් වෙනස්

Allen & Barbara Pease  විසින් රචිත Why Men Don't Have A Clue & Women Always Need More S..

Rs. 750.00

Api Awathan Uwemu - අපි අවතැන් වූවෙමු

Api Awathan Uwemu - අපි අවතැන් වූවෙමු

ආගමික අන්තවාදය ජනවාර්ගික ගැටුම් සිවිල් යුද්ද හා අවතැන් වීමවල අද්දැකීම් බොහොමයක් අපටවෙති  න..

Rs. 480.00

Adaraye Basha - ආදරයේ භාෂා

Adaraye Basha - ආදරයේ භාෂා

එකිනෙකාගේ හැගීම් අවශ්‍යතාවන් වටහාගෙන අබු සැමියන්ට සදාතනිකව දැඩි ආදරයකින් බැදී සිටීමට අවශ්‍ය බොහෝ කරු..

Rs. 980.00

Vishishta Samathun Durwala Samathun Yatathe Sewaya Karanne Ayi - විශිෂ්ට සමතුන් දුර්වල සමතුන් යටතේ සේවය කරන්නේ ඇයි

Vishishta Samathun Durwala Samathun Yatathe Sewaya Karanne Ayi - විශිෂ්ට සමතුන් දුර්වල සමතුන් යටතේ සේවය කරන්නේ ඇයි

වර්තමාන ලෝකය  සැලකෙන්නේ උගතුන්ගේ යුගය ලෙස නොව දක්ශයින්ගේ යුගය ලෙසයි . ඒ සදහා කදිම උදාහරණය වන්නේ..

Rs. 750.00

Jiwithe Githayakma Wewa - ජිවිතේ ගීතයක්ම වේවා

Jiwithe Githayakma Wewa - ජිවිතේ ගීතයක්ම වේවා

මෙම සියවසේදී ලෝකයේ ජිවත් වන මිනිසුන් අතරින් බොහොමයක් ම අපේක්ෂා කරනු ලබන දෙයක් වේ.ඒ වදාම නිවැරදි පුද්..

Rs. 720.00

Harda Sakshi - හර්ද සාක්ෂි

Harda Sakshi - හර්ද සාක්ෂි

තමාගේ ජීවිතය ගැන මෙතරම් අපුරුවට තුරුණු පේන කියන්නේ කෙසේදැයි තේමාට පුදුම සිතුණාය .....

Rs. 690.00

Oba Mage Murapade - ඔබ මගේ මුරපදේ

Oba Mage Murapade - ඔබ මගේ මුරපදේ

වර්තමාන ඉන්දියාවේ විදේශීය තොරතුරු තාක්‍ෂණික සමාගම් සාම්ප්‍රදායික ඉන්දීය යෞවනය දැඩි වෙනස්කමකට ලක්විය...

Rs. 750.00

Bhawagatha Weema - භවගත වීම

Bhawagatha Weema - භවගත වීම

Becoming කෘතියෙහි නිත්‍යානුකුල සිංහල පරිවර්තනයයි.ස්වයං ලිඛිත චරිතාපදානයකි. ..

Rs. 1,750.00

Awushwits Hi Soyuriyo - අවුෂ්විට්ස් හි සොයුරියෝ

Awushwits Hi Soyuriyo - අවුෂ්විට්ස් හි සොයුරියෝ

නාසි පාලනයට එරෙහිව සටන්කළ දේශප්‍රේමීහූ බොහොමයක් දෙවන ලෝක යුධ සමයේ යුරෝපය පුරා රහසිගතව සැඟවෙමින් තම ව..

Rs. 1,900.00

Duka Hamarayi Jeewithaya Marayi - දුක හමාරයි ජීවිතය මාරයි

Duka Hamarayi Jeewithaya Marayi - දුක හමාරයි ජීවිතය මාරයි

මෙම ග්‍රන්ථය කියවූ දා සිට ජීවිතයේ නව හා විශිෂ්ට මාදිලියක් මම අත්දුටුවෙමි. පමණට වැඩි උනන්දුව හා සැකය ..

Rs. 1,600.00