සොබාදහමේ වෙද - හෙදකම් ජන සම්මුතිගත සම්ප්රදායකි. 'තත්වරද උරුමයක්' ලෙස මෙම අත්දැකීම පරපුරෙන්- පරපුර පවරාගෙන ඇත. මහපොළොව - අව්වැසි -ගහකොළ පමණක් නොව චන්ද්‍රමාස සම්ප්රදාය නිසි නිවැරදි මාත්‍රාවෙන් පරිහරණය කිරීම සොබාදහමේ වෙදකමය. එය ජීවන උරුමයක් වන අතර, වාණිජ අරමුණු පෙරදැරිව රෝගියා ගසාකෑමෙන් තොර සොබාදහමේ වරදානය පෙරළා රෝගී ජනයාට පවරා දෙන අස්පර්ශනීය වෛද්‍ය ශාස්ත්රයකි. එහි නාඩි වැටෙන්නේද ප්‍රජා සත්කාරය පිණිසය. ලාභය ප්‍රජාවගේ දිගු දිවි පැවැත්මය.
පරිසර හිතැති සොබාදහමේ වේදකම වත්මන් ලෝක අවශ්‍යතාවකි. ශාරීරික හා මානසික විඩාවට පත් වත්මන් සමාජය නිරෝගී කල හැකි ප්‍රතිකාරය වන්නේද සොබාදහමේ වෙදකම පමණි. වෛද්‍ය සමාධි ශෂිකලා වත්මන් ලක්වැසි රෝගී සමාජයට දයාරිද්ර සිතින් ඇරයුම්කර සිටිනුයේ, දිගු දිවි ගමනකට සොබාදහමේ ඔසු සත්කාර ගුණ අත්විඳින ලෙසිනි. ඉතා සරල බසකින් සාම්ප්‍රදායික දැනුම හා විද්‍යාත්මක චින්තනය සිංහල බසින් කියවා වටහා ගත හැකි ලෙස පත අට එකට සිඳ ඔසු ගුණ විඳිනු රිසිව 'සොබාදහමේ වෙදකම හා හෙළ අස්වැද්දුම කෘතිය ඔබ අතට පත්කරයි. මේ වෑයම ජනගතවන තරමට ලක්වැසි ජනතාවද නිරෝගී වන බව නිසැකය.
Swabhawadharmaye Wedakama Saha Hela Aswadduma - ස්වභාවධර්මයේ වෙදකම සහ හෙළ අස්වැද්දුම
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Dr. W. A. Samadhi Shashikala - වෛද්‍ය ඩබ්ලිව්. ඒ. සමාධි ශෂිකලා
- ISBN: 9786245737307
- Availability: Available
-
Rs. 1,500.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nadi - නාඩි
නාඩි පිරික්සා බලා වෙදකම් කිරීම ප්‍රචලිතය. එහි උරුමය වසර දහස් ගණන් ඈතට යන්නකි. බටහිර වෙදකම ප්‍රචලිත ව..
Rs. 1,000.00
Sankalpana - සංකල්පනා
මහන්සි නම් ඔය හිත තව...අරන් යන්න මේ පද නුඹ...මම තවමත් නුඹ වෙනුවෙන් බලා ඉන්නවා.මේ හිත තව නුඹ වෙන..
Rs. 750.00
Sport Psychology
Chapter 01 of the Sport Psychology servers as a comprehensive introduction to the field, providing w..
Rs. 1,800.00
Holistic Medicine
Holistic medicine book is a profund exploration of the interconnectedness of holistic medicine, na..
Rs. 1,500.00