දරිද්‍රතාව සහ දරිද්‍රතාව පිටු දැකීම පිළිබඳව සිදු කරන මේ විග්‍රහයෙන් 'දරිද්‍රතාව යනු සැබැවින් ම දේශපාලන සහ සමාජ සංසිද්ධීන් වලින් පැනනගින්නකි' යන්න හඳුනා ගැනීමට උත්සාහ දැරිණි.එබැවින් වර්තමානයේ දී අප මුහුණ දෙන බොහෝ ගැටළු වල දී මෙන් දරිද්‍රතාව පිටුදැකීම වැනි ප්‍රශ්න වලට පිළිතුරු දීමේ දී ද එහි ඇති දේශපාලනික වැදගත්කම හඳුනාගනිමින් ඒවාට දේශපාලනික පිළිතුරු දීම අවශ්‍ය ය යන්න මේ කෘතියෙන් මතු කරන ප්‍රධාන තර්කය වෙයි.කුමක් නිසා ද යත් දරිද්‍රතාව සහ අසමානත්වය යනාදි ප්‍රශ්න වලට පිළිතුරු දීමේ දී දේශපාලනික පිළිතුරු දීම අවශ්‍ය වන බැවිනි.එමෙන් ම සම්පත් භාවිතයට අදාළ ව තීරණ ගෙන තිබෙන ආකාරය දේශපාලන බලය සමඟ සම්බන්ධ වන බැවිනි.රටක පාලකයන් මෙන්ම සෙසු ප්‍රතිපත්ති සම්පාදකයන් ද දේශපාලනය ශාස්ත්‍රීය ලෙසින් (දේශපාලන විද්‍යාව) හැදෑරීමේ ඇති වැදගත්කම මේ පොත පරිශීලනය මගින් පාඨක ඔබට වටහා ගත හැකිය.
Dugi Bawe Deshapalanaya Saha Deshapalanaye Dugi Bawa - දුගී බවේ දේශපාලනය සහ දේශපාලනයේ දුගී බව
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Athula Vithanawasam - අතුල විතානවසම්
- ISBN: 9786245664252
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30