ජූලි මාසය
ලස්සනයි හරි
ඇසල මල් පෙති විසිරිලා
පවර දළදා
සමිඳු පිදුමට
නුවර වීදිය සැරසිලා
ඇසල මසකලු
අපේ මහසත්
මෙත් සිතින් නික්මන් කලේ
අම්මෙ මට
තේරෙන්නෙ නෑ
ඇයි ජූලි මාසය කලු උනේ
බෙහෙත් බොනවට
තල් හකුරු දෙන
ඩොක්ට නාදන් යාපනේ.
බේත් එක්කම
කැවිලි අරගෙන
කොළඹ කොටුවෙන් ගොඩ උනේ
කන්ද පාමුල
හූ කියාගෙන
එදා දුම්රිය නැවතුනා
පීලි මත ලේ
මිදුණු කලුවෙන්
පුතේ ජූලිය කලු උනා …
පිච්ච මල් වැල්
වරල ගවසා
සුදු සිනා උතුරින් ගෙනා
රාජිනී මිස්
ඇන්ද තිලකය
එදා කඳුලින් සේදුනා
අයනු ආවනු
එකට පැටලී හෝඩි පොත අමතක උනා
ඇගේ මුහුනේ
ඇඳුනු කලුවර
ජූලි අඳුරට යා වුනා
සිංහ වෙස් ගත්
කැනහිලුන් කැල වලිගකොන ගිනි දල්වලා
දුව දුවා
කඩවීදි අවුලා
සොයුරු පෙම ගිනිබත් කළා
දව දවා හිත් ..
බුර බුරා නැගි
වෛරයේ කළු දුම් වලා
කදු මතින් පැන
දෙරණ වටලා
පුතේ අහසම කළු කලා
කදු මුදුන් වල මීදුමෙත් මට තාම දුම් රොටු පේනවා
කන්ද පාමුල බාල චන්ද්‍රන් කිරි හිනාවක් පානවා
නුඹට ගෙන ආ දෝසි අහුරක් පුංචි දෑතේ තබනවා
ජූලි කළුවර සුදු කරන්නට හීනයක් මට තියෙනවා
Ehema Waradak Karala Ne Mama - එහෙම වරදක් කරලා නෑ මම
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Suharshini Dharmarathne - සුහර්ෂිනි ධර්මරත්න
- ISBN: 9789554635524
- Availability: Out Of Print
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sudu Watha Andi Kekiniya - සුදු වත ඇඳි කෙකිනිය
වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩු වුනා...--------------------------------------------------පොඩි දුවට වයිරස..
Rs. 450.00
Lathu Athula Nagaraya - ලතු අතුළ නගරය
සුරත මිටි කර විරෝදය පෑ යෝධ මිනිසෙකු සිටිය යුගයක මාත් හිටිය කුහුබුවකු ලෙස උදාරම් සිතකි..
Rs. 300.00
Lilak - ලිලැක්
දැනෙන උණුහුමට වඩා ....,නොදැනෙන උණුහුම ප්‍රබලයි...,ලගින් ඉදන් බලගන්නවට වඩා ,දුරින් ඉදන් බලාගැනීම ප්‍ර..
Rs. 750.00
Pemaka Piya Satahan - පෙමක පිය සටහන්
ඇගේ කුලුදුල් කාව්‍ය සංග්‍රහය වන " පෙමක පිය සටහන් " ඇයට කවි මග ලොකු දුරක් යා හැකි බව පෙන්වන පෙර..
Rs. 300.00
Weralaka Unusum Sulanga Hoyana Oyata - වෙරළක උණුසුම් සුළඟ හොයන ඔයාට
වැන්දබුවක් කියන්නේ ගිනි ගොඩක් අපේ අම්මගේ පපුවේ දැන් ඇත්තේ අළුගොඩක්..!..
Rs. 300.00
Bindunu Purahanda - බිඳුණු පුරහඳ
එදින අප,එක්ව බැදුනෙමු..මලට නටුවක් සේ සමනලයෙකුට තටුවක් සේ.එහෙත් සොදුරිය ඒ ඉමිහිරි පෙමට ආයුෂ..
Rs. 250.00
The Eagle's Wing
This book is dedicated to, all those who dedicate and sacrifice their lives to protect and preserve ..
Rs. 350.00
Indigo Mandige - ඉන්දිගෝ මංදිගේ
ඉන්දිගෝ මංදිගේවසන්තය අත්හරිමි ඇල්මැරුණු සඳ දවමි කඳුළු තෙල් ඇවිළිලා මැරුණු මෙරු මඟහරිම..
Rs. 550.00
Lailac - ලයිලැක්
නොහැකි බව දැන දැනමමගහැරී යා යුතු බව හැගුනාරිදෙන බව දැනගෙනත්අතහැරිය යුතුව තිබුණා....සුදු නෙමේ රෝස ඇදග..
Rs. 600.00
Mal Mewu Minisa - මල් මැවූ මිනිසා
ගිනි අවිය උර දරාමල් මැවූ මිනිසා.!.***මහජන බැංකුවේ මුල්ලක පර්චස් දෙකක අල්ලකස්වර්ගය එලාගත්..ඒ සොඳුරු ම..
Rs. 550.00