• Ekthara Bodhiyaki Jeewithaya - එක්තරා බෝධියකි ජීවිතය

ඉර හෙමින් නිදි රෙද්දා ගලවා 

ගිනි රෙද්ද පළඳින උදෑසන 

අවදි වී මම බලමි කාමර 

ජනේලෙන් දුර පෙනෙන ලොව දෙස 


අවුරුදු ම ගාණක් මගේ ඇස් 

අසබඩ ම පාරමී පුරමින 

සිටින මිනිසුන් දකිමි දුටුවෙමි 

දුෂ්කර ක්‍රියා කරන උහුලන 

දොහොත් මුදුනේ තබා වඳිමින් 

ලිව්වෙම මම එහෙම උන් ගැන 


පාද චාරිකා මිනිස් පෙරහැර 

පා ගැටී කළු ගල් පතුරුවල 

නිය බිඳී වේදනා විඳ විඳ 

පසු කරන ගිය මගෙහි මුල සිට 

ලේ හැලී බිම එලුණු රතු පැහැ 

පාවඩ මත ඇවිද යමි මම 

අතර මග බිම පතිත උන් ළඟ 

නතර වී අවසන් හුස්ම තෙක් 

තදින් ඒ අත්  වැළඳගෙන සිට 


පණ ගැහෙන ඒ මිනිස් ජීවිත 

නිවාලන්නට නිවාගන්නට 

හොයා ගත යුතු අරමුණක් ඇත

හෙටත් උදයේම පිටත් වන්නට 

එසේ නික්මෙන තැන පටන් මට 

මග සිඟා යන දහස් ගණනක් 

බෝධිසත්වරු මුණගැසෙනු ඇත.

උන් පුරන පාරමී එක එක 

හකුළුවා ගෙන මගේ කවි තුළ

බුදු වෙන්න මට වුවමනා නැත.  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Ekthara Bodhiyaki Jeewithaya - එක්තරා බෝධියකි ජීවිතය

  • Rs. 500.00