• Electronic Yugaye Pusthakala Kalamanakaranaya - ඉලෙක්ට්‍රොනික් යුගයේ පුස්තකාල කළමනාකරණය

ආදී මානවයන් විසින් ලේඛන ද්‍රව්‍ය භාවිත කරමින් තම අත්දැකීම් හා සිතුම් පැතුම් භාෂා අනුසාරයෙන් සටහන් කිරීමේ ආරම්භය පමණ තෙක් දිව යන ඉතිහාසයකට උරුමකම් කියනු ලබන සමාජ සංස්ථාවක් වන පුස්තකාලය වර්තමාන තාක්ෂණික දියුණුවත්, ඒ ආශ්‍රිත ව වෙනස් වෙමින් පවතින චර්යා පද්ධතියත් හේතුවෙන් ස්වකීය පැවැත්ම පිළිබඳ අන් කෙදිනකටත් වඩා බරපතළ අභියෝගයකට ලක් වී තිබේ.


එහෙත්, එම අභියෝග සමග ,අ නව ඉඩ ප්‍රස්ථා ද විවෘත වී ඇති බව ද අවධානයට යොමු කළ යුතු කරුණකි. පියවි ඇසට පෙනෙන මුදෘත අකුරින් වූ තොරතුරු ලෝකයේ සැරිසැරීමට වඩා පියවි ඇසට නොපෙනෙන විද්‍යුත් - ලෝකයේ නැතහොත් අතථය - ලෝකයේ සැරිසැරීමත්, තමන්ට අවශ්‍ය, අදාළ හා නිවරැදි තොරතුරු උකහා ගැනීමත් සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය අවශ්‍ය ය. ඒ සමග ම, පුස්තකාල සේවාවන්වල භාවිතය අද මෙන් ම හෙටත් තහවුරු වීම පිණිස කටයුතු කිරීම ද අත්‍යවශ්‍ය ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Electronic Yugaye Pusthakala Kalamanakaranaya - ඉලෙක්ට්‍රොනික් යුගයේ පුස්තකාල කළමනාකරණය

  • Rs. 650.00