• Windeem Saha Windaweem - විඳීම් සහ විඳවීම්

ස්වීඩන් ජාතික වෛද්යවරයෙකු වූ අක්සල් මුන්තේගේ සැන් මිකේලයේ කතාව මුල් මුද්‍රණයේ සිට දශක නවයක් අඛණ්ඩව නැවත මුද්‍රණය වෙමින් ලොව පුරා භාෂා ගණනාවකට පරිවර්තතනය වෙමින් ඉහලම අලෙවියක් වාර්තා කල ග්‍රන්ථයක් බවට පසුගිය වසරේ දී පත්විය.


කලෙක බ්‍රිතාන්‍යයෙහි වෛද්‍ය ශිෂ්‍යන්ට අවශ්‍යයෙන් කියවිය යුතු පොතක් ලෙසට නිර්දේශ කරා තිබුණු බව සඳහන් මෙම කෘතියේහි වෛද්‍ය මුන්තේ, ඔහු මුහුණ දුන් මිහිරි සහ අමිහිරි  සිදුවීම් රසවත් කථාංග ලෙස ඉදිරිපත් කරයි. එහිදී ඔඅහු විවිධ කායික සහ මානසික රෝගාබාධ මෙන්ම ප්‍රතිකර්ම පිලිබදව තම අදහස් දැක්වීමෙන් ඔබ්බට ගොස් ලොව සදාතානික සත්‍යයන් වූ ඉපදීම, මරණය, මානව විඳවීම, ජීවිතයේ අරුත් සුන් බව පිළිබද ගැඹුරින් විග්‍රහ කරයි.


මානව දයාව, අනුකම්පාව, හාස්‍ය, උපහාසය වේදනාව, ප්‍රේමය, භක්තිය ආදී සියලුම මානව හන්ගීම් කැටි කර දැක් වූ කෘතියක් ලෙසට මෙය හැඳින්විය හැකිය.

There are no reviews for this product.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha