මා කෙතරම් අවාසනාවන්ත වීද. මා පව්කාරියකි. නැත මා සැබැවින්ම සාපයක් නොවේ ද? මට ළං වන කිසිවෙක් වේද ඒ ඔවුන්ගේ ජීවිතයේ අවසානය ය. පළමුව අම්මා.. දෙවනුව තවමත් දෑසට නිසි ලෙසින් දැක නොමැති තාත්තාද...
ආදරය යන උත්තම හැඟීම මට කැප දෙයක් නොවේ. මගේ ජීවිතය පුරාවටම තිබෙන්නේ නොලැබීම් පමණය. විඳදරා ගැනීම් දුක් ඉහිලීම්..නොදනිමි මම.තව කොතෙක් නම් කාලයක් මා මේ වේදනාබර ජීවිතයට හුස්ම ඇහිදින්නට ද කියා..
නිර්මාන්ගේ වයලීන් වාදනය වඩ වඩා ශෝකාකූල ස්වර ඛණ්ඩ ඇදී ගියේය.මේ ඇසෙන්නේ නිර්මාන්ගේ රිදී ගිය හදවතෙහි සැඟවී ඇති වේදනාවෙහි ඉතිරි වී ඇති දුක් සලකුණුය.මම යහනතෙහි පෙරළී ගියෙමි.අඳුරු සිවිලිම දෙස බලා හඬමින්...
Sudu Karadahi - සුදු කරදහි
- Publisher: Geema Prakashana - ගීමා ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Gimhani Wasana - ගිම්හානි වාසනා
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245677030
- Availability: Available
-
Rs. 780.00
- KBOOKS Cashback Rewards: 78