නිවසින් පිටව ගිය හෙතෙම පෙරළා පැමිණියේ රාත්‍රී ආහාරය සඳහා උණු උණු ආප්පද රැගෙනය. දියණියගේ ප්‍රියතම ආහාරය වන පැණි ආප්පද ඒ අතර වන බැව් තීර්ථ මෙන්ම සෙස්සෝද හොඳින් දැන සිටියහ. සිය දියණිය වෛද්‍යවරියක වන්නට යන සතුටට කවුරුත් පුදුම කරවන්නට පුංචි මෝටර් රථයක් නිවෙස ඉදිරි පස ඇය වෙනුවෙන් නවතා තබන්නට ඥානසිරිට වත්කමත් තිබුණේ නැති බැව් පවුලේ සැවොම හොඳින් ඒත්තුගත් සත්‍යයක් වූයේය. එබැවින් එවන් සිත් උතුරා සතුට දෝරෙගලන මොහොතකදී ඔහු හන්දියේ කඩයෙන් උණු උණුවේ රැගෙන එන ආප්ප මල්ල වටා අහිංසකයන් පොකුරක් මෙන් ගොමු වී ආප්ප රසය සමඟ එකී සතුට උපරිමයෙන් බෙදා ගැනීමට වාසලආරච්චි පවුලේ සියල්ලන් සිය සිත් හොඳින් පුරුදු පුහුණු කොට තිබුණි.
Gharma - ඝර්ම
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Thilanga Fonseka - තිලංග ෆොන්සේකා
- ISBN: 9786249880009
- Availability: Available
-
Rs. 1,550.00
- KBOOKS Cashback Rewards: 155