කුමට මට ගම්බිරත්වය උදන් කවියේ
සුලකළ පද ලකර සෝගීයේ සිලෝවේ.
කවිය මට නම්, නොගැලපෙන මොහොතක්,
මිනිසුන්ට එදිනෙදා නොඅදාළ අරුමයක්.
දන්නවා නම් ඔබ කවර රොඩුබොඩු ලටපටින්
වැවෙනවාද කියා මෙ’කව් ලජ්ජාව බය නැතිව,
මග දෑල පිපෙන කහ පාට ඩැන්ඩිලියොන්,
වත්ත කොණ වැවෙන බලු නගුට මල් මෙන්.
කෝපයෙන් නැගී හඬක්, උණු තාර කුයිලක්
රුක් කඳක රහසේ පිපුනු බිම්මල් අහුරක් .....
ඔන්න කවක හඬ ඇසෙනවා - මුදුයි, උණුසුම්,
ඔබෙයි මගෙයි සිත් රැළි නගන සතුට ඉසියුම්.
- ආන්නා අක්හ්මාතවා
ගිම්හානේ යන්න ගිහින් කාව්‍ය සංග්‍රහය සිංහල රසිකයා අතට ගෙනෙන්නේ මුල් බසින් ප්‍රථම වරට සිංහලට පරිවර්තනය කරනු ලැබූ 20 සියවසේ සම්භාව්‍ය රුසියන් කවියේ උත්කෘෂ්ට නියෝජනයකි.
රුසියන් බසද, රුසියන් සංස්කෘතියද, රුසියන් කවියේ හරයාත්මක ලකුණු මෙන්ම රුසියන පද්යකරණ සම්ප්රදායය හා එහි ශිල්පීය සම්පත් ද ගැන පොහොසත් දැනුමින් සන්නද්ධ පරිවර්තක - කවියෙකුගේ විපුල බුද්ධිමය හා නිර්මාණ ශ්‍රමය මෙහි ඒකරාශී වී ඇත්තේය. සිංහල රසිකයාට මේ කවි ගැඹුරින් කියවා ගැනීමට ආධාර කරන ශාස්ත්‍රීය අත්වැලක් ද මෙම කෘතිය තුළ බහා තිබේ

Gimhane Yanna Gihin- ගිම්හානේ යන්න ගිහින්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - පරිවර්තන කවි
- - Sunil Wijesiriwardhana - සුනිල් විජේසිරිවර්ධන
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245087785
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65