'මං දැන් ඉන්නෙ මාතර..මාතර කියන්නෙ මාතරයි දෙවුන්දරයි අතර...මූද මගේ දොරකඩ...මූදු රැල්ලෙන් මන් කකුල් හෝදන්නෙ පල්ලෙහා පඩිය උඩ හිටගෙන..වරෙල්ලකො ඉර බහිනවා බලා ඉන්න...කතරගම යන්නත් එක්ක..'ගිනි සෝමෙ නිතර යාළු මිත්‍රයන් ට එස් එම් එස් අරිනවා.ගින්දර පාටට ඉර බැහැගෙන යනවා දකින්න..උදේ පාන්දරට ඉර නගිනවා දකින්න ගිනි සෝමෙ පුදුම ආසාවක් දැක්වුවා.
'මං දැන් ට්‍රාන්ස්පෝට් බිස්නස් එකක් පටන් අරන් තියෙන්නෙ..මේ පැත්තෙ උන් කිරි මුට්ටි ඇද්දෙ බර කරත්ත වලින්..දැන් උන්ට මං නැතුව ම බෑ. මං නැතුව මොනවත් කරන්න බෑ දැන්.මට දැන් බෙන්ස් ලොරිම පහක් තියෙනවා.බිස්නස් හොඳයි.ජීවිතේ හොඳයි.ගෑනුත් හොඳයි.ඉස්සර කරපු කෙළි මතක් වෙනකොට ලැජ්ජත් හිතෙනවා...' ගිනි සෝමේ යාළු මිත්‍රයන්ට කියන්නෙ පුදුම සැහැල්ලුවෙන්...පුදුම සන්තෝසෙන්.
Gini Some - ගිනි සෝමෙ
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Upali Ubayasekara - උපාලි උබයසේකර
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245638161
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30