ග්‍රහයෝ නිරතුරුවම රාශියෙන් රාශියට ගමන් කරති. එම ගමන තුළින් විවිධාකාරයේ සුභ අසුභයන් ඇති කරනු ලැබේ. එ් එ් ග්‍රහයා එ් එ් රාශියේ තැන්පත් වීමෙන් පුද්ගලයා සතු චර්යා ධර්මයන් වෙනස් කරනු ලැබේ. එම ග්‍රහ ගමන් මගින් ඇති කෙරෙන යහපත අයහපත තුලනාත්මකව විග්රහ කිරීම සඳහා කතුවරයා ඉමහත් වෙහෙසක් ගෙන ඇති අතර, එය බෙහෙවින්ම සාර්ථක වී ඇති බව මෙම කෘතිය තුළින් සනාථ වේ.
විවිධ අනාවැකි ප්‍රකාශ කරන්නන්ට හා ජ්‍යොතිෂ පර්යේෂණවල නියුක්ත පුද්ගලයින්ට ඔවුන්ගේ කාර්යයන් වඩාත් හොඳින් ඉටු කිරීමට මෙම කෘතිය මගින් පිටුබලයක් ලැබෙනු ඇත. එ් එ් ග්‍රහයින් එ් එ් රාශියේ ගමන් කරන විට ඇති කෙරෙන ශුභාශුභයන් සරල බස් වහරක් උපයෝගී කර ගෙන සවිස්තරව ගෙනහැර පෑමට කතුවරයා සමත් වී ඇත. ප්‍රවීණ මෙන්ම ආධුනික ජ්‍යොතිෂවේදීන්ට අත් පොතක් වශයෙන් භාවිතා කිරීමට වඩාත් සුදුසුය.
Grahayinge Rashi Balaya - ග්රහයින්ගේ රාශි බලය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Astrology - ජ්‍යොතිෂ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Premadasa Kaluthanthiri - ප්‍රේමදාස කළුතන්තිරි
- ISBN: 9789553103212
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60