ධවල රාත්‍රීහු
ප්‍රිය පාඨකය, එය සුන්දර රාත්‍රියක්, අප නව යොවුන් වියේ දී පමණක් දන්නා රාත්‍රියක් වුයේ ය. මෙතරම් තරු විසුළ, මෙතරම් සුපැහැදිලි, අහස දෙස බලා ඔඅබට ඔබෙන් ම මෙසේ නොවිමසා සිටීමට නොහැකි වනු සිකුරු ය: මෙවන් අහසක් යට කෙසේද හැකි වී ඇත්තේ වෙහෙසෙන්නට, හැම විදියක ම අමනාපී හා කුහක මිනිසුන්? ඒ ද එය ද යෞවනයට අනන්‍ය පැනයකි, සෙනෙහෙබර පාඨකය, සැබවින් ම යෞවනයට අනන්‍ය පැනයකි. එනමුදු එවන් පැන නිතර ම ගෙන එමින් ඔබේ හදවත රිදවීමෙන් මැවුම්කරු සතුටු වේවා.
පුංචි වීරයා
ඇය සුදුමැලි ව කලබල ව සිටින බව යමෙකු ප්‍රකාශ කළ අතර එවිට අනෙක් ය ද එය දුටුවහ. පොදු ප්‍රශ්න කිරීම් හා විස්මය පළ කිරීම් මාලාවක් ඒ පසුපස ආවේය; විහිළුවක් කිරීමෙන්, සිනහ වීමෙන් හා ප්‍රීතියෙන් සිටින බව පෙන්වීමෙන් යට ඒවාගෙන් ගැලවීමට සිදු විය. ටෙසරයේ අනෙක් කාන්තාවන් දෙදෙනෙකු සමග පිළිසඳරක යෙදී සිටින සිය සැමියා දෙස ඈ ඉඳහිට ඈ බැලුම් හෙළුවා ය. ඉදින් එවිට ඔහු පැමිණි පළමු රැයේ දී වූවාක් මෙන් එම ප්‍රකම්පතභාවය හා ව්‍යාකූලත්වය ඇය ව ග්‍රහණය කර ගත්තේ ය. මගේ අත සාක්කුව තුළට රුවා කවරය දැඩි ව අතට හසු කර ගෙන එම මහත්මියගේ අවධානයට මා ව ලක් වේවා යැයි දෙවියන් යදිමින් මම අනික් හැම කෙනාගෙන් ම වෙන් ව සිටියෙමි. එක්කෝ මුළුමනින් බලාපොරොත්තු සුන් වූ අගේ හදවතට ප්‍රබෝධයක් වන්නට, බැල්මකින් පමණක් වුව අගේ භීතියෙන් ඇය ව සන්සුන් කරවන්නට, නැතිනම් රහසින් හා ඉක්මනින් යම් දෙයක් ඇයට පවසන්නට, මට වුවමනා විය. නමුත් ඇයට මා දෙස බැලීමට සිදු වූ විට මම තිගැස්සී ඇස බිමට යොමු කළෙමි.
Dhawala Rathrihu Ha Punchi Wiraya - ධවල රාත්‍රීහු හා පුංචි වීරයා
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - Fyodor Dostoyevsky - පියෝදර් දොස්තයෙව්ස්කි
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- - H. B. Gunarathne - එච්. බී. ගුණරත්න
- ISBN: 9786249402409
- Availability: Available
-
Rs. 650.00