අමිමා ගිලන් විය--------
සිල් පුරන කළුවරට -සෙත් කියා මහ පිරිත
රේඩියෝවත් නිදන්නට වගේ ගිමි හරින
වෙනදාට බෝඩිමෙි දමා එන පාළුවම
මටත් කලියෙන්ම විත් ගෙයි පැදුර එලාගෙන
බෝලිද්ද මල් නැගිට බැලූ අත බලාගෙන
බුදු පුදට යන්න අද හිතක් නැතුවා වත්ද
මල් කොණ්ඩ කුරුල්ලනි- බත් බංකුවට එන්න
පාර අමතක වුණේ ඇයිද ඔය ඉක්මනට
ගැට පොළොස් මාළුවට, කිරි අගුණ මැල්ලුමට
ලුණු ඇඹුල් අමනාප වුණේ මං නිසාමද
එරන් කිරි රස දැනී තැවෙන ඇට නැති දිවට
ආදරේ පදම හොද හැටි දැනෙන අපූරුව
වෙනදාට ලිහිණියක සේ නගන කිචි බිචිය
තනුව පැටලී වගේ පොඩි නංගිගේ කවිය
හිනාවක් ඇසෙන්නැති ඔබෙන් හිස්වුණු ගෙදර
වියලි කතරක් වගෙයි මං මුලාවී රැදුන
නවමි පුර සද සාවියේ රිදී දිය ඉහින
වාටිටුව අංන තුන, ඇද හතර ඈ නිදන
උඹට තනි නමි සිහිල් සුළං රැල්ලක් එක්ක
ගිහින් ආපිට වරෙන් ඇහැරවන්නේ නැතිව
අප ගිලන් වූ විටෙක මුළු රෑම නිදි නැතිව
මුනිගුණම මතුරවා හිතට ඔසු තනා දෙන
අප උපන්තේකටම ඔය පලමු ඉසිඹුවය
කොහිද නිවනක් පැටවු ගැනම වද වන හිතට
ගග පහල පන්සලේ ලදළු බෝ නිවාගෙන
බෝධි පා තෙමෙනවා පැන් පෙරහරින් වැටෙන
“මාතු පාදං නමාමි“ කියා ළග නැතද
වදිමි සියවරක් ඔබ මවාගෙන පින් සිතක
ගිලන් වූ ඔබ නොවෙි - තැවෙන්නේ අපම මිස
ආතුරයි අපි තාම, අනාතුර ඔබෙි අස
ගුරු ගෙදර පොඩි උන්ට, අපට එළියක් රැගෙන
එන්න අමිමෙි ගෙදර , රාත්‍රිය දිගු වැඩිය
Hadabin Panguwa - හදබිං පංගුව
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Asanka Ruwan Sagara - අසංක රුවන් සාගර
- ISBN: 9789553002969
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thisa Wewa Langa Ralapanawe - තිසා වැව ළඟ රළපනාවේ
තිසාවැව ළඟ රළපනාවේ බලා ඉන්නම් හුදෙකලාවේ උනා සළුපිලි සඳ කුමාරිය වැව් දියේ ගිලෙනා වෙලාවේ කදෝපැණියන්..
Rs. 400.00
Geethayakin Jeewithaya Kiyawamu - ගීතයකින් ජීවිතය කියවමු
විජය පුවත්පත් සමාගම මගින් ප්‍රකාශයට පත් කරන දේශය සතිඅන්ත පුවත්පතේ - හදසර අතිරේකයට ලියූ විචාර ලිපි එක..
Rs. 600.00
Wannige Kolama - වන්නිගේ කොලම
"සිදුරක් පමණක් නොවේය ගැහැණිය" එහෙම ලිව්වේ පරාක්‍රම කොඩිතුවක්කු කවියාය. "අකීකරු පුත්‍රයෙකුගේ ලෝකය"..
Rs. 500.00
Heethala Hee Thala - හීතල හී තල
අනාථ නාථ අනාථම කළ රටක නාථ දෙවියන් යැදූ අමන මැති හරක් ළඟ කෙලින් කරගෙන කොඳු ආදරේ ලෝදියෙන් උණු වෙවී බිඳ..
Rs. 850.00