ඕනෑම රටක ජනවාර්ගික ජාතිකවාදයෙහි එක් අංගයක් වන්නේ ඒ ජනවර්ගයට අදාළ වූ 'පවිත්‍ර', 'නුමුහුන්', 'අසංකර', 'සැබෑ' හෝ 'අමිශ්‍ර' හෙවත් 'අව්‍යාජ' ස්වරූපයක් ඇත යන අදහසය. රඹුක්වැල්ල සිංහල ජාතිකවාදය ඇසුරින් පෙන්වා දෙන්නේ එවැනි 'පරම අව්‍යාජත්වය' යැයි කියා දෙයක් නොපවතින බවයි.
මනුෂ්‍ය සංස්කෘතියෙහි සැබැවින්ම පවත්නා මිශ්‍රිත භාවය වෙනුවට අමිශ්‍රිත 'අව්‍යාජත්වය' පිළිබඳ අදහසක්, ඇතැම් අය දේශපාලන බලය සඳහා ප්රක්ෂේපණය කරති. තමනුත් ඒ ප්‍රක්ෂේපණයෙන් ආවරණය වෙති. ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ මේ කාර්යය සිදු වූ සැටි රඹුක්වැල්ල ගවේෂණය කරන්නේ අදාළ චරිත කෙරෙහි ද්වේෂයකින් තොර මැදහත් සිතිනි. මෙහි ප්‍රධාන වර්ත වන ධර්මපාල, බණ්ඩාරනායක හෝ අමරසේකර ගැන කතුවරයා හෙළන සහවේදනීය දෘෂ්ටිය මින් පෙර මෙවැනි අධ්‍යයනවල නොදැකිය හැකි තරම්ය. මෙම පොතට මහාචාර්ය ජොනතන් ස්පෙන්සර් ලියන පෙරවදනේ කියවෙන ලෙසම මේ වූ කලි ජාතිකවාදීන්ටත් යමක් උගත හැකි පොතකි.
කවර තරමක උත්ප්රාසයක් මැද වුවද මේ අව්‍යාජත්වයේ කතිකාව හා දේශපාලනය ඉදිරියට යනු ඇත. එහෙත් අව්‍යාජත්වයේ නාමයෙන් මනුෂ්‍යයන් හා අවශේෂ ස්වාභාවික ලෝකය මත හිංසනය ඇති නොකරන ආකාරයෙන් ඒ කතිකාවට හා දේශපාලනයට අභියෝග කරන විචාරයේ පරික්ෂාවද නොනැවතී සිදුවිය යුතුය. එහෙයින් මෙය අප කාටත් ආනුභාවය හා ධෛර්යය සපයන පොතකි. එසේම, මෙය සංස්කෘතික අධ්‍යයනය, සාහිත්‍ය විචාරය, ඉතිහාසය, සමාජවිද්‍යාව වැනි විෂය ක්ෂේත්රවල අයට අත්පොතක් වැන්නකි.
Avyajathwaye Deshapalanaya Saha Alankarikaya - අව්‍යාජත්වයේ දේශපාලනය සහ ආලංකාරිකය
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Harshana Rambukwella - හර්ෂණ රඹුක්වැල්ල
- - Sinhala Language - සිංහල භාෂාව
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786246625306
- Availability: Available
-
Rs. 1,400.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nawa Kavi Salakuna - නව කවි සලකුණ
නව සාහිත්‍යය න්‍යාය ගැන නිදර්ශන සහිත හැඳින්වීමක්ද වන මෙම කෘතිය සාහිත්‍ය උගන්වන ගුරුවරුන්ටත්, සාහිත..
Rs. 1,200.00
Ahambakaraka - අහම්බකාරක
2016 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත.2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.මෙර..
Rs. 1,200.00
Kurulu Hadawatha - කුරුලු හදවත
2014 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත.වැඩවසම් සමාජ ක්‍රමයෙන් බැට කන තම පරම්පරාව ඉන් මුදවා ගැනීමට මූලි..
Rs. 1,200.00
Vishwavidyala Yanu Kumakda - විශ්වවිද්‍යාලය යනු කුමක්ද
විශ්වවිද්‍යාලය යනු කුමක් වීද, කුමක්ද කුමක් විය යුතුද යන ප්‍රශ්න මේ පොතෙන් අසනු ලබන්නේ උසස් අධ්‍යාපනය..
Rs. 1,500.00