"මං මොඩ්ලින්වලට ගියේ ආසාවට. ඒකත් මට සෙට් කරලා දුන්නේ යාලූවෙක්. මොඩ්ලින් කිව්වාට පැෂන් ෂෝ වලට ගියේ නෑ. මොකක් හරි බ්රෑන්ඩ් එකක් මාර්කට් කරන්න තමයි සෙට් වුණේ. ඒ හැම වෙලාවකම කවුරු හරි ලොක්කෙක් එක්ක මට යන්න සිද්ධ වුණා.”
ඩිංගිරිමිණි අඩ අඳුරේ පෙනුණ අමාගේ ඇස්වල දිළිසෙන කඳුළු දිහා බලන් හිටියා. ඒක වේදනාවක්ද, පශ්චාත්තාපයක්ද, කියලා හිතන්න ඩිංගිරිමිණි කලබල වුණේ නෑ.
"මුල් කාලේ කාගේ එක්ක හරි කාමරයකට ගිහින් ඇවිත් තනියම මං හොඳටම ඇඬුවා. පස්සේ පස්සේ තේරුම් ගියා මගේ නොදැනුවත්කම හින්දා මාව යූස් වෙනවා කියලා. ඒ හින්දා මාස දෙක තුනක් යද්දී මගේ වැඩවලට මම ගාණ වැඩි කළා.”
ඩිංගිරිමිණිට පිපාසයක් දැනුණා. මේසය උඩ තිබුණු වතුර ජෝගුවෙන් වීදුරුවට වතුර එකක් පුරවගෙන ඇවිත් පුටුවෙන් වාඩි වුණා.
"මං කියන දේවල් ඔයාට බෝරිංද අක්කේ.”
වතුර වීදුරුව එක හුස්මට බීපු ඩිංගිරිමිණි හිස් වීදුරුව පුටුව යටින් තියාගත්තා.
"ඔයා වැඩකට කීයක් ගන්නවාද?”
"මාත් එක්ක මං වැඩකට ගන්නවා තිස්පන්දාහක්. වැඩේ විශාලයි නං ගාණ වැඩියි. දවස් ගාණට තමයි අය කිරීම.”
"එතකොට ප්රසන්න ඔයාට කොච්චර ගෙව්වද?”
අමා ෆෝන් එකෙන් ටයිප් කරන ගමන් ඩිංගිරිමිණි දිහා බැලූවා. ඒ ඇඟිලි අහක බලාගෙනත් අකුරු වචන ටයිප් කෙරුවේ වේගයෙන්.
"සතයක්වත් නෑ. අවස්ථාව දුන්නා මදිද ඇහුවා.”