• Hitha Hadagath Kenek - හිත හදාගත් කෙනෙක්

     අත්සන් කළේ ඔබ
ඇස් දෙක ම දන් දෙන්ට.
ඒත් බැරි විය
කාච දාපු හින්දා.
.
ලිව්වේ
ශරීරය ම
මෙඩිකල් ෆැකල්ටියට දන් දෙන්ට.
ඒත් බැරි විය
හොඳට ම මහලු ව
දිරා ගිය හින්දා.
.
අවසන් ඉල්ලීමකින් කිව්වේ
පැය හයකට වැඩියෙන්
ගෙදර නො තියාගන්ට.
ඒත් බැරි විය
නෑයන්
දුර හිටපු හින්දා.
.
කොතක්වත්
ඉදි නො කරන්නය කීවට
ඒකත් බැරි විය
ආදරේ පිටාර යන හින්දා.
 .
ජීවිතේ හැම තප්පරයකින් ම ප්‍රයෝජන ගෙන
භෞතික කෙත් ද ආධ්‍යාත්මික කෙත් ද
සරු කොට
විශ්වයට ණය නොවී
ගිය
පුන්චි ශරීරයක් තිබූ
සද්දන්ත ලොකු අත්තාට!

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha