1945 අප්‍රේල් මස 22 දින වන විට තමා සටනින් පරාජය ලබා ඇති බව ජර්මානු නායකයා පැහැදිලිව තේරුම්ගෙන සිටියේය.එදින සවස පැවති සාකච්ඡාවේදී හිට්ලර් එම කාරණය යුද සෙනෙවිවරුන්ට පවසා ඇත. ඔහු එදින සවස හතරට පෞද්ගලික සේවකයකු වන ජූලියන් ස්කූබ් කැඳවීය. ඔහු හිට්ලර්ගේ ලේකම්වරයාද, ආරක්ෂකයාද, පණිවිඩකරුවාද විය. ඔහු වසර විස්සක් පමණ හිට්ලර් සමඟ විශ්වාසවන්තව කටයුතු කර ඇත.
රාජ්‍ය නායකයා සහ ජූලියන් හිට්ලර්ගේ නිදන කාමරයට ගොස් එහි සවිකොට තිබුණු අඩි හතරක් උස අඩි තුනක් පළල වානේ සේප්පුවක් විවෘත කළහ. එහි තිබුණේ රාජ්‍ය නායකයාගේ පෞද්ගලික ලියකියවිලිය. ඒ සියල්ලම සූට්කේස් කීපයක අසුරා බංකරයෙන් උඩ පිහිටි උද්‍යාන භූමියට ගෙනගොස් පෙර දිනක බෝම්බ වැටී හැරී තිබූ ලොකු වළකට දමා ගිනි තබන ලදී.
Hitlarge Dina Satahan - හිට්ලර්ගේ දින සටහන්
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Sirisena Rathnayake - සිරිසේන රත්නායක
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Robert Harris - රොබට් හැරිස්
- ISBN: 9786245834525
- Availability: Available
-
Rs. 1,400.00
- KBOOKS Cashback Rewards: 140