"හෝස්පොන් නගරයේ සියළුම වැසියන් වහාම තම නිවෙස්වලින් ඉවත් වෙන්න. සියළුම වැසියන් කරුනාකරා වහාම හෝස්පොන් පාසල. නගරයට හදිසියේම පැමිණ ඇති දැවැන්ත වානරයෙකු නිසා ජනතාවට ඇතිවන පීඩාවන් අවම කරගැනීමට, ඔවුන්ව ආරාක්ෂා කරගැනීමට මෙම හදිසි පියවර ගත බව ඔබ සැමට දැනුම් දෙමු."
එම නිවේදනය ශබ්ද විකාශන යන්ත්රයකින් අසන්නට ලැබුණා. ඒ දැන්වීමත් සමගම වීදියේ මිනිස්සු දුවන්න ගත්තා. වාහන තදබදවීම නිසා සමහර ඒවා එකිනෙක අයුරුත් මිනිසුන් කෑගසන අයුරුත් මට හොදින්ම ඇසුණා. ඒ වගේම පෙනුණා.
ගොරිල්ලා මේ වනවිට තට්ටු තුනක උස ගොඩනැගිල්ලක ප්රමාණයේ උසකින් වර්ධානය වෙලා.. ඔහු එන්නතේ බලයෙන් තව - තවත් වර්ධනය වුණේ හරියට යෝධයෙක් වගේ.
මට දැන් මේ ගොරිල්ලගෙන් බේරීමක් නෑ. ගැළවෙන්න ක්රමයකුත් නෑ. නගරයේ සියලුම මිනිසුන් හෝස්පොන් පාසලට යනවිට මම ඔහුගේ අත්අඩංගුවට පත්වෙලා. මාව කරදරයක වැටිලා කියලා අහන්න කවුරුත් නෑ. මම විලාප තියලා ඇඩුවා. එතකොට ගෝරිල්ල මාව උගේ ඇස ගාවට අරගෙන හයියෙන් ගෙරෙව්වා.
Hospone Abhirahasa - හෝස්පොන් අභිරහස
- Publisher: Nimansa Publication - නිමන්සා
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Somabandu Karunarathna - සෝමබන්දු කරුණාරත්න
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245658268
- Availability: Available
-
Rs. 500.00