මම
ටික වේලාවක් නිශ්ශබ්දව සිටියේ තව දුරටත් කතා කිරීමට මාතෘකාවක් සොයන්නට ය.
ඊට පසු ඇය උකුළේ සැතපෙන ඩෙනිස්ගේ කකුලක් පිරිමදිමින් හිමිහිට දරු නැළවිලි
ගීතයක තාලයක් මුමුණන්නට පටන් ගත්තාය. හදිසියේ නින්දෙන් අහැරුණු ඩෙනිස් මහ
හයියෙන් හඬන්නට පටන් ගත් නිසා කාමන් දරුවා නළවන්නට වූවාය. මම බිත්තියට බර
වී දරුවා දෙස බලා සිටියෙමි. ඔහු හැඬුවේ මහත් අපහසුකාරී විලසකින්ය.
'ඔයාට
හුඟක් බඩගිනි ඇති ඩාලින්' කියූ ඇය හැඳගෙන සිටි නයිටිය බුරුල් කර පියවුරක්
එළියට ගෙන තනපුඩුව ඩෙනිස්ගේ කටේ තබා ඔහුගේ දහඩියට පෙඟී තිබුණු හිසකෙස්
ඇඟිලි තුඩුවලින් පිරිමදිමින් දරු නැළවිලි ගීතය යළි මුමුනන්නට වූවාය. පියයරු
වසා ගැනීමට කිසි උත්සාහයක් නොදැරූ ඇය ඩෙනිස්ට කිරි පොවමින් ඔහුගේ හිසට
පිඹිමින් හිසකෙස් පිරිමදින්ට ගත්තේ මගෙ කොලූ පැටියට හොඳටම දාඩිය දාලා නේද
යයි තොදොල් ලෙස දොඩමින්ය.
මගේ හද ගැසෙන්නට වූයේ කෝච්චි ඇන්ජිමක් මෙන්ය.
කකුල් දෙක වෙව්ලන්නට පටන් ගෙන දණිස් හන්දි මෙළෙක් ව ගියා වැනි ගතිය නිසා
කෙළින් හිටගෙන සිටීම අසීරු බව මට දැනිණි. ඩෙනිස් කාමන්ගේ කිරිවලින් ඉදිමී
තිබුණු රෝස පැහැ පියවුරෙහි මුහුණ සඟවාගෙන ඇයගේ වැහි වලාකුළු පැහැ
තනපුඩුවෙන් බස බස ගාමින් ඉතා කෑදර ලෙස කිරි ඉරුවේය.
තත්පර කිහිපයකට පසු
ඇය මා දෙස බලන විට කාමන්ගේ මුහුණ වදමලක් මෙන් රත් පැහැ ගෙන තිබුණු අතර
දෙතොල් ඕනෑවට වඩා විවර වී තිබුණි. කඳුළු පිරි දෙනෙතින් පිළිබිඹු වූයේ
බැගෑපත් පෙනුමකි. ඇයගේ පියයරු දෙස බලා සිටි මගේ සිතෙහි මතු වූයේ පෙර කිසි
දිනෙක මා නොවිදි රාගාධික සිතුවිලිය. තේ වත්තේ ඉන්ද්රානි
ඇයගේ ගවුමේ හැට්ට කටු ගලවා හැදීගෙන එන දිවුල් ගැට තරමේ පියයුරු පෙන්වූ පසු
මා ගැහැනියකගේ පපු පෙදෙසක් දැක තිබුණේ නැත. මා පහත් වී ඒවා සිප ගත් විට
ඉන්ද්රානි ලැජ්ජාවෙන් මිරිකී ඒ මේ අත ඇඹරී දෑතින් මගේ මුහුණ පැත්තකට කර නැවත හැට්ට කටු ගසා ගත් බව මට මතකය.
Imelda - ඉමෙල්ඩා
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Somasiri Munasinghe - සෝමසිරි මුණසිංහ
- ISBN: 9789556779981
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Adaraneeya Victoria - ආදරණිය වික්ටෝරියා
1860 දශකයේ ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භයත්, 1880 දශකයේ තේ වගාවේ හඳුන්වාදීමත්, එසේම 1873 වර්ෂයේ..
Rs. 1,600.00
Rajina - රැජිණ
ඈ බොල නාකිච්චියේ...මොන මළ ඉලව්වක් කරනවද මේ මහ රෑ නැගිටගෙන උඹ!' හැම දවසකම වගේ එක අතක පිරුනු මධු කුස..
Rs. 1,650.00
Magam Sooliya - මාගම් සෝලිය
'මාගම් සෝලිය' නවකතාව මූලික වශයෙන් කේන්ද්‍රගත වන්නේ අපේ සිංහල ගම්මානවල කේන්ද්‍රස්ථානය වුණු පන්සල වටාය..
Rs. 1,650.00
Colombo - කලම්බො
අතීතයේ මේ රට ලංකා නම් වුවද, පෘතුගීසීන්ට සෙයිලාවෝ විය. ලන්දේසීන්ට සෙයිලාන් විය. ඉංග්‍රීසීන්ට සිලෝන් ව..
Rs. 1,650.00
Dear Victoria
Based on real incidents and characters, the novel is about a dysfunctional family and the rise and f..
Rs. 1,750.00
A Magician's Tale
A Magician's Tale is a collection of short stories about discovering the passage between the real an..
Rs. 450.00
Loveena - ලොවීනා
අතීතය කල්පාග්නියේ ගිනියම්ව දැවී ගොස්ය. එබැවින් අතීතය හුදු අතීතයක්ව හමාරය. අනාගතය තවම උදා වී නොමැත..
Rs. 1,650.00
I.D - අයි ඩී
" මට දැන් ඔයාව බලන්න ඕන, කියන විට ඒ ප්‍රේමවන්ත හදවත ඇතුළත ඇවිලෙන ගින්න කෙතරම් විනාසකාරීද යන්න ඔහු මේ..
Rs. 1,650.00
Nil Katrol - නිල් කට්රොල්
මින් වසර එක දහස් පන්සියයකට පෙර කලෙක සිදුවූවා යැයි ඉතිහාසයේ සඳහන් පුවතක අප නො ඇසූ මානයක්. අප දන්න..
Rs. 1,650.00
Mandodari - මන්දෝදරී
ගෑනියෙක් ආසම පිරිමියෙක්ගේ පපුවට . මොකද පිරිමියෙක්ගේ ආදරය ගැන කියන්න පුළුවන් ඒ පපුවෙන් එන ගැස්මට කණ ත..
Rs. 1,650.00