මෙම කුඩා ග්‍රන්ථය සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ විචාරාත්මක හැඳින්වීමක්ද, සම්භාව්‍ය සාහිත්‍යය ගැන තේමාත්මක ඉතිහාසයක් ලියන ආකාරය ගැන ආදර්ශයක්ද, තෝරාගත් සාහිත්‍ය යුග පිළිබඳ අභිනව කියවීම් සමුච්චයක්ද වේ.
ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන මෙහි කර්තෘ චාල්ස් හැලිසි පැරණි සාහිත්‍ය අධ්‍යයනයෙහිලා අභිනව න්‍යායික සංකල්ප න්‍යාය-බාහුල්‍යයෙන් තොරව භාවිත කරන්නේ කෙසේද යන්න පෙන්වන්නටද සමත් වේ.
පර්යේෂණාත්මක ගද්‍ය රචනය පිළිබඳ ආදර්ශයක් සේද මෙම කෘතිය සැලකිය හැකිය. 'ඉතිහාසයක් තුළ සාහිත්‍යය' යනු භාෂාව, සාහිත්‍යය, ඉතිහාසය, සමාජ විද්‍යාව, සංස්කෘතික අධ්‍යයනය ක්ෂේත්‍රවල උසස් අධ්‍යාපනය ලබන අයගේත්, ඒ ඒ විෂයවල පර්යේෂකයන්ගේත් පොත් එකතුවෙහි අනිවාර්යෙන් තිබිය යුතු කෘතියකි.
Ithihasayak Thula Sahithya - ඉතිහාසයක් තුළ සාහිත්‍යය
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Charles Hallisey - චාල්ස් හැලිසි
- ISBN: 9786245087600
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35