කප්පම්කාරි (The Whiff of Money- James Hadley Chase)
(හිතුවක්කාර හැසිරිම් නිසා අවසානයේ අන්තවාදි සංවිධානයකට හසුවුන පොහොසත් දැරියකගේ අනුවේදනීය කතාව.අශ්ශීල චිත්රපට කීපයකට රංගනයෙන් දායක වූ දෙමාපියන්ට බෙහෙවින් අකීකරු තරුණියක මුහුණ දුන් ත්රාසජනක සිදුවීම් මාලාවක් මෙම පොතට පාදකවී ඇත. එහි විශේෂත්වය වන්නේ ඇය අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා වීමට සිටි පුද්ගලයකුගේ දියණිය වීම සහ ඇය තමා පෙනී සිටි අශ්ශීල චිත්රපට තම පියා ජනාධිවරණයෙන් ජය ගැනීම වැළැක්වීම සඳහා උපයෝගී කර ගන්නා බව පවසා සිය පියාගෙන් කප්පම් ලබා ගැනීමට කටයුතු කිරීමය.
අදාළ චිත්රපට සොයාගැනීමේ මෙහෙයුමට අමෙරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවය, සෝවියට් බුද්ධි සේවාව සහ ලොව වෙසෙන විශාලතම ධනවතකු සම්බන්ධ වෙති. එම මෙහෙයුම්වලදී එම යුවතිය හා බුද්ධි සේවා නිලධාරීන් මුහුණපාන ත්රාසජනක සහ කුතුහලය පිරි සිදුවීම් මාලාවක් මෙහි අන්තර්ගතය.
හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමෙන් තරුණියට මොනතරම් අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණපෑමට සිදුවෙන්නේද යන්න වටහා ගැනීම සඳහා මෙම පොත කදිමය.
Kappamkari - කප්පම්කාරි
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - James Hadley Chase - ජේම්ස් හැඩ්ලි චේස්
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245519026
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65