ඒ ඒ පුද්ගලයා ලබන සහකරු හෝ සහකාරිය පිළිබඳ ඔහුගේ හෝ ඇයගේ කේන්දරයේ හත්වැන්න, අටවැන්න යන ස්ථාන හා ඊට අනුබද්ධිත සංයෝග, දෘෂ්ටි මූලික වශයෙන් පාදක කරගෙන සැමියා සහ බිරිඳ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිය. මීට අමතරව විවිධ ග්‍රහයෝග ආශ්රයෙන්ද විවාහය හා විවාහ සහකරුවන් පිළිබඳ විස්තර පැහැදිලි කර ගැනීමට පුළුවන.
කේන්ද්‍රයේ පවත්නා ග්‍රහ තත්වය අනුව ඔබ ලබන සහකරු හෝ සහකාරියගේ චරිත ලක්ෂණ, සහජ දක්ෂතා, දුර්වලකම්, රැකියාව, උගත්කම හා රූපශෝභාව සම්බන්ධයෙන් කරුණු අනාවරණය වේ. එ් එ් ලග්න හිමියා ලබන සහකරු හෝ සහකාරිය පිළිබඳ විස්තර දැක්වීමේදී ඔබේ ලග්නයේ තැන්පත් ග්‍රහයින් පිළිබඳ විශ්ලේෂණය කර ඇත. ඊට අමතරව එ් එ් ග්‍රහයා විවාහය සම්බන්ධයෙන් බලපාන ආකාරය පැහැදිලි කර ඇත.
එ් අනුව ඔබ ලැබූ සහකරු හෝ සහකාරිය ඔබේ කේන්දරයේ ග්‍රහ පිහිටීම අනුව නියමිත වූ කෙනාදැයි සැක හැර අවබෝධ කර ගැනීමටත්, ඔබ ලබන සහකරු හෝ සහකාරිය පිළිබඳ විවාහයට පළමුව දැනගැනීමටත් මෙමගින් හැකිය.
එමෙන්ම ප්‍රවීණ මෙන්ම ආධුනික ජ්‍යොතිෂවේදීන්ට අත් පොතක් වශයෙන්ද මෙම කෘතිය භාවිත කළ හැක.
Kendarayen Sahakaru Sahakariya Handuna Ganna - කේන්දරයෙන් සහකරු සහකාරිය හඳුනාගන්න
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Astrology - ජ්‍යොතිෂ
- - Premadasa Kaluthanthiri - ප්‍රේමදාස කළුතන්තිරි
- ISBN: 9789553103212
- Availability: Out Of Print
-
Rs. 390.00
- KBOOKS Cashback Rewards: 39