• Kohe Sita Awa Da Me Sulanga - කොහේ සිට ආවා ද මේ සුළඟ

කාලය හා එකව 

දිනෙන් දින වැඩෙන 

කොහේ සිට ආවා ද මේ සුළඟ 


විටෙක රුපියල් ශත අතරට ද 

විටීක ඩොලර් රූබල් අතර ද  

ගැවසෙමින් 

සෝදාපාළු  කරමින් 

දිළින්දන්ගේ පසුම්බි 

කොහේ සිට ආවා ද මේ සුළඟ 


ගැවසෙන තරු පංති අතරට 

ගෙන දෙමින් තව තවත් සහන 

හටහර අතින්ම එකතු කර 

ගොඩ ගසමින් ඒ අතරට

කොහේ සිට ආවා ද මේ සුළඟ 


හමා යන සුළඟට එරෙහිවන

ගස්කොළන් ගල් වැටි මල් කැකුලු 

තළා පාගා සුනු විසුනු කරනට 

වෙර වීරිය ගෙන දෙන 

කොහේ සිට ආවා ද මේ සුළඟ 


වරක් දෙවතාවක් එකට එක් ව 

සුළඟට එරෙහි වූ

ගස්කොළන් ගල් වැටි මල් කැකුලු 

දවසක ආයෙමත් එක් වී

මට්ටු කරාවිද මේ සුළඟ  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kohe Sita Awa Da Me Sulanga - කොහේ සිට ආවා ද මේ සුළඟ

  • Rs. 500.00