ලංකාව දැවී යනු ඇත. අන්ධකාරය නොවැලැක්විය හැකිය.ඉන්පසු උදාවන ආලෝකය දරාගත හැක්කක්ද? තෘෂ්ණාව,ක්‍රෝධය, ශෝකය මෙන්ම ප්‍රේමය ද සංග්‍රාමය අවුළුවනු පිණිස පොරොත්තු වෙමින් සිටි ගිනි පුපුර වූයේය.
එහෙත් මේ සංග්‍රාමය වෙනස්ම එකකි. ධර්මය වෙනුවෙන්ම වූවකි. සියලු දෙවඟනන් අතර ශ්‍රේෂ්ඨතම දෙවඟන වෙනුවෙන් වූ සංග්‍රාමයකි.
රාවණ සිතුවේ තමන් අදිසි හා අමරණීය අයෙකි කියාය.
එහෙත් වඩා වැදගත් වූයේ විෂ්ණු ගේ නැගී සිටීමය.විෂ්ණුගේ නියම සතුරා රාවණ ද?
සංග්‍රාමය ඇවිලිණි. භීතිය ප්‍රේමයේ මාතාව වූවාය.
ලංකාවේ රජු වූ රාවණ ගේ සිරුර පුරා වූ තුවාලවලින් රුධිරය ගැලූවේ ය.
වේගයෙන් ඔහු දිවෙමින් සිටියේ ඔහු ආදරය කළ කාන්තාව ගේ නම හඬගාමිනි. ඒ ඔහු එතෙක් මෙතෙක් ආදරය කළ එකම කාන්තාව ද වූවා ය.
‘‘වේදවතී! වේදවතී!’’
තමාට ශ්වසනය කිරීම අපහසු බව ඔහුට වැටහිණි. කලක් තිස්සේ නාභියෙන් යාන්තමට නැගුණු වේදනාව අන් කවරදාකටත් වඩා තදින් දැනෙන්නට විය. ඔහු ගේ දෑසින් කඳුළු ගැලූවේ ය. වන සතුන් ගේ මොරදීම් ද, වෘකයන් ගේ උඩුබුරලීම් ද ඔහුට ඇසිණි. ගිජුලිහිණියෝ ද තියුණු හඬ නැංවූහ. ඔහුට උන් දැකගත නොහැකි වූ අතර රාවණ දිවගියේ ඝන අඳුරට යටව තිබූ ටොඞී ගම්මානයේ පාළු වීදි හරහා ය.
‘‘වේදවතී!’’
ඈතින් දීප්තිමත්ව දැල්වෙන පන්දමක් ඔහු ගේ ඇසගැටිණි.
රාවණ ඒ දෙසට වේගයෙන් දිවීම ඇරඹුවේ ය.
‘‘වේදවතී!’’
එක් පන්දමකින් නිකුත්වෙමින් තිබූ ආලෝකය එක්වර පන්දම් සියයක් එක්වූවා සේ වැඩි දීප්තියක් විසුරුවද්දී දෑසට දැනුණු වේදනාවත් සමග මොරදෙමින් නතර වූ රාවණ එක අතකින් දෑස් වසාගත්තේ ය. ඉන්පසු ඔහු ඉතාමත් සෙමෙන් අත දෑසින් යාන්තමට මෑත්කළේ එම දීප්තිමත් භාවය වෙත හුරුවන්නට කළු ඉංගිරියාවන්ට ඉඩ සලසමිනි. මඳකට පසු ඔහු එම අත ඉවතට ගත්තේ ය. පන්දම් අතැතිව කණ්ඩායමක් එක්ව සිටිනු දැකගන්නට ලැබිණි.
රාවණ නැවත වඩා වේගයෙන් ආලෝකය වෙත දිවගියේ ය.
‘‘වේදවතී!’’
රොක්ව සිටියේ ඔහු ගේ පිරිස ය. කුම්භකර්ණ, ඉන්ද්‍රජිත්, මරීච, අකම්පන සහ ඔහු ගේ සෙබළු එතැන සිටියහ.
එහෙත් යමක් නිවැරදි නැත.....................................
Lankawe Sangramaya - ලංකාවේ සංග්‍රාමය
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
- - Amish - අමීෂ්
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245519576
- Availability: Out Of Print
-
Rs. 2,250.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Davici Kethaya - ඩ වින්චි කේතය
ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප‍්‍රදර්ශනය තහනම් කෙරුණු නම..
Rs. 2,600.00
Niraya - නිරය
ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්..
Rs. 2,900.00
Bhuthaweshaya - භූතාවේෂය
අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප‍්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර හමු..
Rs. 3,200.00
Shiva - ශිව
ශිව ති‍්‍රත්වය ශිව! මහා දෙවියාය. දෙවියන්ගේ දෙවියාය. නපුරේ අයහපතේ හා දුෂ්ට බලවේගයන්හි විනාශකයා ය. ..
Rs. 3,200.00
Rama Chandra Thrithwaya - රාමචන්ද්‍ර ත්‍රිත්වය
වසර පන්දහස් පන්සියයක ට ඉහත...විශ්වීය බලවේග පරිපූර්ණ සමාජයක් ගොඩනඟනු පිණිස කැඳවූ විරුවා...රාම..ඔහුට එ..
Rs. 5,400.00