කන්දක් මුදුනෙහි අපේ මහගෙදර පිහිටා තිබුණි.ඒ කන්දෙහි සිට සොබා සෞන්දර්ය නැරඹීමේ කලාව මා දැන සිටියේ නැත.මා දැන සිටි එකම දෙය මා ඉදිරියේ ඇති කටු කොහොල්,ගිරි ශිඛර මැදින් මා දුර ගමනක් යා යුතු බවය.එය එක අතකින් නව යුගයක් සොයා යන ගමනකි.තවත් අතකින් නුතනත්වය සොයා යන ගමනකි.ඒ හැමටම වඩා නායකත්වය සොයා යන ගමනකි.ගැමි දැරියක ලෙස උපත ලැබූ මම,ගැමි පාසලක ඉගෙනුම ලැබුවෙමි,අනතුරුව සරසවි වරම් ලැබ පේරාදෙණිය සරසවියේ උගත් මම ශ්‍රී ලංකා පරිපාලන සේවයට පිවිසියෙමි.ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම පෞද්ගලික බස්රථ අධ්‍යක්ෂකවරිය ලෙස ද,ශ්‍රී ලංකාවේ පළමු තැපැල්පතිනිය ලෙස ද පළමු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරිය ලෙස ද කිසිවකුට මකා දැමිය නොහැකි සේවයක් කළෙමි.මේ සියලු තනතුරු ලැබුවේ ද,ඒ සියලු තනතුරු හෙබවූයේද දක්ෂතාව මත මිස,පක්ෂපාත බව මත නොවේ.මා අද මෙතරම් තෘප්තිමත් වන්නේ එබැවිනි.
Ma Aa Mawatha - මා ආ මාවත
- Publisher: Platform For Alternate Culture
- Categories:
- - Miscellaneous - විවිධ
- - Biography - චරිතාපදාන
- - Soma Kotakadeniya - සෝමා කොටකදෙනිය
- ISBN: 9789551470371
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65