කෙලිත්තක්...
ඔව්,
හැඩකාර කෙලිත්තක්
සරයි අරගල බිමෙහි
කඩිසරව
අනෝරාවක පෙර නිමිති දැක
සසළව
ඒ නමුදු දැඩි සිතින්
පා නැගුවාය ඇය,
සටන් පාඨ නගනා
තුරුණු කැළ වෙත
අනෝරා වැස්ස අරඹිණ.
මහ වැසි නොතකමින්
තුරුණු හඬ ගිගුම් දෙයි
පුරවා උණුසුම් හුස්ම
තුරුණු පපු කුහර තුළ
හැඩි දැඩි තුරුණු කැළ මැද
සියුමැලි ඇගේ හඬ මතු වෙයි
බිඳ, බක්මහ අකුණු තෙද
නැගෙයි නැගෙයි එය අහසට
උඩුකුරු තෙරපුමක ජවයෙන්
තෙතින් තෙතබරිව,
දියෙන් දියබත්ව
මුවාවට මුවාවක් සොයාගෙන,
සඟවා ළෙහි මෙතෙක් රැකි
කුරුළු පිහාටුව රැගෙන දෝතට
සිඹ,
යළිත් ළෙහි හොවා එය
දිව යයි
ඇවිල යයි
තුරුණු පපු කුහර තුළ
උණුසුම් හුස්මක්ව
Maga Harimi Sanda Res - මග හරිමි සඳ රැස්
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Somasiri Ekanayake - සෝමසිරි ඒකනායක
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789553125989
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pandu Paha Kavi - පඬු පැහැ කවි
දැන් ඌ එහි නැත ...................................... කනත්ත පිට්ටනියට ඉහළින් සරුංගල් කඩා බිම දමන සු..
Rs. 350.00
Asanipatha - අසනිපාත
ඇත්තෙන්ම ඇය; හිමාලි ඔහු හමු වීමට ගියේ සුරංගනා කතාවක දී තව මොහොතකින් හමු වන දේවතාවෙක් තම සිතේ ඇති..
Rs. 900.00
E Ridum Koitharam Nam Imihiri Da - ඒ රිදුම් කොයිතරම් නම් ඉමිහිරි ද
"පරිස්සමෙන් කෙල්ලේ මේ කාලෙත් හරිම නපුරුයි මට නම් දුකයි උබ ගැන &n..
Rs. 300.00